Jin's View
වහලේ පීලී දිගේ බේරිලා එන වතුර බිදු වැහි පීල්ල අගිස්සෙන් ගිලිහිලා රිද්මයකට පොළවට වැටෙන විදිහ දිහා මන් බලන් හිටියේ හැගීම විරහිත මූණකින්...පැය ගාණක් තිස්සේ එක දිගට පොළවට කඩා හැලෙන වැහි බිදු දිය ගංගාවක් වෙලා මුළු වත්තම තෙත් කරගෙන ගලාගෙන ගියේ එයාලට කාලෙකින් උරුම නිදහස බුක්ති විදින ගමන්...මුළු වටපිටාවම ඝණ අන්ධකාරයකින් වැහිලා තිබුණේ වැහි කළුවරත් එක්කලා...ඉමක් කොණක් නොපෙනෙන අන්ධකාර පරිසරයේ ළා එළියක් හොයාගෙන මගේ ඇස් ඈතට ඇදිලා ගියේ මිරිගුවක් පස්සේ දුවනවා වගේ ....කොච්චර ඈතට ඇදුනත් අන්තිමට මගේ ඇස් නවතින්නේ හති වැටිලා....
''හ්ම්ම්ම්හ්හ්...''
අරමුණක් රහිතව ජනේලෙන් එළිය බලාගෙන හිටිය මට එක පාරට ලොකු හුස්මක් පිට වුණේ ඉබේටමයි...මන් දැන් මෙතන පැය දෙකක විතර ඉදන්...අතේ තියාගෙන හිටපු කෝප්පේ තිබ්බ කොෆී එකත් නිවිලා ඇල් දිය වෙලා තිබ්බේ හරියට මගේ ජීවිතේ මටම මෙනෙහි කරන්න සලස්වලා....මගේ ජීවිතෙන් හරියට මේ නිවිලා තියෙන කොෆී ටික වගේ නේද කියලයි මට හිතුනේ...
වහින වැස්සට පුළුවන්ද මගේ දුකත් හෝදන් යන්න?
හිත කෑගගහා ඇහුවේ එක ප්රශ්නයයි....
අද එයා දැන් කොහොම ඇතිද?
දෙන්න උත්තරයක් නෑ මා ගාව...
කොච්චර හිත හදාගන්න උත්සහා කරත් මන් තාමත් ශක්තිමත් නෑ...
මන් බොළඳ වෙලාද??
ඒත් එහෙම බෑ...මට පණ වගේ බලාගන්න ඕන කොල්ලෝ හය දෙනෙක් ඉන්නවා...
යන්න ලොකු ගමනක් තියනවා...මම වැටිලා හරියන්නේ නෑ...මුළු ලෝකයකටම ආදරේ කරන්න කියලා දෙන මන් මේ විදිහට වැටුණොත් මොකද වෙන්නේ?
ඒත්....
මාත් සාමාන්‍ය මනුස්සයෙක්....
හැගීම් දැනීම් දැනෙනවා නේද මටත්....?
විරහවේ වේදනාව දැනෙනවා නේද මටත්..?
"ජින් හ්යුන්....මොකද මෙතන කරන්නේ...මොකක් හරි ප්‍රශ්නයක්ද?"
YOU ARE READING
Distant Star : KSJ [ Completed ]
Fanfictionකටුක දහවල් කාලය තුළ, තම ප්‍රතිරූපය සඟවනා හිරුට වෛර කළ යුතු අවධියක, හිරු හා පෙම් බස් දොඩන්නට, කවුරුන්ද උත්සුක.. උඩගු චන්ද්‍රයාගෙන් තොර ලොවක් නොතිබූ, ආකාශ වස්තූන් මධ්‍යයේ, දුරස්ථ තාරකාව පෙම් බැන්දේ, දහවල රිදී ආලෝක ධාරවන්ගේ උරුමක්කරුටයි.... ගොළු වළා පට...