ඔළුව පැලෙන්න තරම් වේදනා දෙද්දී මන් හෙමීට ඇස් ඇරගත්තේ වටේපිටේ ආලෝකයට මගේ ඇස් හුරුකරගන්න ගමන්...මන් බැලුවේ මන් ඉන්නේ කොහෙද කියලා..
මන් හිටියේ මගේ කාමරේ...
මගේ ඇද උඩ...
මගේ කොල්ලෝ හය දෙනා මාව වටකරන් හිටියේ ලොකු බයකින්..
මට මොකක්ද උනේ...
මට මතක කාගෙ හරි හෝ මොකක් හරි දේක හැපෙනවා විතරයි...
'' හ්යුන්..දැන් කොහොමද?"
ජන්කුක් ඇහුවේ මගේ ළඟට එන ගමන්...අනේ මෙතන දැණුම් තේරුම් තියෙන මන් මෙහෙම හැසිරුනාම මගේ කොල්ලෝ ටික බලාගන්නේ කවුද?...මම එයාලටත් වදයක් වෙනවා...මට මන් ගැනම ඇති උනේ ලැජ්ජාවක්...
" නැම්ජූන්..කොහොමද මන් ගෙදර ආවේ?"
" හ්යුන් පාරේ සිහිය නැතුව ඉදලා තියෙන්නේ...හ්යුන්ගේ ෆෝන් එකට මන් ගත්ත කෝල් එක එතන හිටිය කෙනෙක් ආන්සර් කරා..එයා තමා මට විස්තරේ කිව්වේ...මමයි හ්යුන්ව එක්කන් ආවේ..ප්රශ්නයක් ඇති වුනේ නෑ හ්යුන්..
මට එතකොටයි ටිකක් හරි සැනසීමක් දැණුනේ...ඒත් ඒක එහෙම නොවුනා නම් අපි හත් දෙනාටම ලොකු ප්රශ්නයක් වෙන්න තිබ්බා...
" හ්යුන්, ඔයා ප්රශ්නෙකද? "
ජිමින් ඇහුවේ එහෙම... එයාගේ කටහඬ හැඟීම් බරයි...ඒත් මේ රහස මා ගාව තිබිච්ච දෙන්...මගේ කොල්ලෝ ටිකත් මගේ වේදනාවෙන් පීඩා විදින්න ඕන්නෑ...
" අනියා..ජිමිනා මන් උදේට කාලා නෑ...මන්..ගිහින් වොශ් එකක් දාගෙන පහළට එන්නම්..."
මන් ඇදෙන් හෙමීට නැගිටලා බාතෲම් එකට ගියේ මට හිතේ තෙරපෙන ඉකිය පිට කරන්න තිබ්බ උවමනාවට...
සුන්හි මැණික....
මගේ කෙල්ල ආයේ කවදාවත්ම දකින්න බැරි වෙයිද?
එයා මෙහෙ කොහෙවත්ම නෑ...මට මග හැරුණ තැනක් නෑ නේද....මන් එයා ඉන්න ඕනි හැම තැනම බැලුවා...එයාගේ ශොප් එකේ පවා...ඒත් දැනගන්න ලැබුණේ එයා ශොප් එකේ අයටත් සමුදීලා ගියා කියලා...නෑ...එයාට එහෙම යන්න බෑ...එතකොට මන්...මන් කවුද එයාගේ?...මන් එයාට ජීවිතේ හම්බුන නිකම් ම නිකම් මනුස්සයෙක් විතරද?...එතකොට මමද සීමාවෙන් පිට හිතලා තියෙන්නේ...
YOU ARE READING
Distant Star : KSJ [ Completed ]
Fanfictionකටුක දහවල් කාලය තුළ, තම ප්රතිරූපය සඟවනා හිරුට වෛර කළ යුතු අවධියක, හිරු හා පෙම් බස් දොඩන්නට, කවුරුන්ද උත්සුක.. උඩගු චන්ද්රයාගෙන් තොර ලොවක් නොතිබූ, ආකාශ වස්තූන් මධ්යයේ, දුරස්ථ තාරකාව පෙම් බැන්දේ, දහවල රිදී ආලෝක ධාරවන්ගේ උරුමක්කරුටයි.... ගොළු වළා පට...