ආහ්.... මම දැන් මරණෙට නියම උන හරකා වගේ ඉන්නේ... ජීනූ ක්ලෑන් එකේ අයව හම්බවෙන්න ගියා ජූන් ඔප්පා එක්ක... ටේ අනිත් සොම්බේලා දෙන්නා එක්ක අර කිණිස්ස තියාගෙන ලොකු කතාවක්...
-" මතකනේ ඇල්ෆා... හරියටම හාට් එකට.."
යුන්ගි සොම්බේ එහෙම කියන ගමන් කිණිස්ස ටේගේ අතේ තියද්දි ටේ..,
-" දේ හ්‍යුන්ග් අරස්සො...!"
කියලා කිව්වා.. එහෙන් ජිමින් සේමි.. අනේ වාසනාවන් එහෙව් කපල් එකක් මේ වෙනකන් දැක්කේ නෑ.. අපි මේ නැට්ට... ආ අපිට නැට්ටක් නෑනේ... තට්ට ගිනි අරගෙන කල්පනා කරනවා උන් දෙන්නා ප්‍රේම ලෝකේ ගිලිලා... මේ බැට්ල් එකෙන් පස්සේ මුන් දෙන්නව බන්ඳලා දාන්න ඕනේ... එතකොට convocation දාට එයි නෙ අතෙන් කටෙන් එල්ලන්.. අනික් අතින් කුක්කා.. මිනිහා වොන් දාහක පෙට්‍රල් ගහපු ගැරඬියා වගේ එහෙට යනවා මෙහෙට යනවා..
-" ආහ් කුකියා එක තැනක ඉන්නවකෝ.. "
-" ඔහේ කියයි මම එපැයි මැරෙන්න... දෙයියනේ මේ ලපටි අතෙන් තාම කෙල්ලෙක් අල්ලලා නෑ සත්තයි.. ආශ්... ෆස්ට් කිස් එකත් නොලබා මැරෙන්න වෙන්නේ..."
කුකියා පැත්තක ඉඳන් ඔලුව බඳන් අඬනවා... ටේ මෙයාට මොනාහරී කිව්වා උදේ ඒ වෙලාවේ ඉඳන් මේ යකා වයින් කරලා වගේ..
.
.
.
.ටික වෙලාවකින් ජූන් ඔප්පයි ජීනුයිත් ආවා... ඒ වගේම අපේ ක්ලෑන් එකේ හැමෝමත් ආවා..
-" ඇල්ෆා අපි යමුද? "
එහෙම ඇහුවේ හොබී සොම්බේ... අපේ ක්ලෑන් එකේ අය හෙට හවස් වෙලා පල්ලිය තිබුන සීමාවට එන්න එකඟ උන නිසා එයාලා ආයෙම යද්දි අනිත් වුල්ෆ්ලා ටිකයි අපි කට්ටියයි ටේත් එක්ක යන්න ගියා..
-" මේ .. මෙතනදි නේද අපිව වුල්ෆ්ලා ටිකක් පන්නන් ආවේ..."
-" හම්මො එදා.. "
කුකී කිව්වෙ පල්ලිය ලඟ ලඳු කැලෑවට කිට්ටු වෙද්දියි.. මට බකස් ගාලා එවෙලේ නම් හිනා ගියා ජිමිනුයි සේමීයි දුවපු හැටි මතක් වෙලා..
-" බ්ලින්කී........................!! "
ශොක්ජින් ඉස්සරහා ඉඳන් කෑගහන්න ගත්තේ මගේ හිනාව ඇහිලා වෙන්න ඇති... ටේත් ඉස්සරහෙන් ගිය නිසා මම කුකී එක්ක පිටිපස්සෙන් ආවා.. අපිට පිටිපස්සෙන් රෝමියෝ ජූලියට් ඩබල හිටියා.. එක පාරට මම බ්‍රේක් පාරක් ගැහුවේ හොබී සොම්බේගේ ඇඟේ හැප්පුන නිසා.. බලද්දි හැමෝම මම දිහා කන්න වගේ බලන් ඉන්නවා... මම ඉතින් හිතලා හිනා උනේ නෑනේ.. ඇයිදෙයියනේ මම හෙමින් කතා කලත් ගමටම ඇහෙන්නෙ? වේ වේ..
ВЫ ЧИТАЕТЕ
BLINKEY || KTH ✔️
Фанфик" මට මේ ලෝකේ පේන්න බැරි දේවල් දෙකයි... එක වැම්පයර්ස්ලා.. දෙක මෝඩ කෙල්ලෝ..! " " ඌප්ස්... ඒ මම නේ..! " Started Date - 29.07.2021 End Date - 03.09.2021 All rights reserved under the copyright claim. Copyright 2021 © Nim_Nim (Fiction by Nim ) A KTH AU...