Chapter 11

1.1K 307 43
                                    


Tae Pov~

ඇත්තටම මම බ්ලින්කීව මුලින්ම දැක්කේ 1st year එකට ලමයි ගත්තු දවසේ ... එදා ඉදන්ම හැසිරීම අන්තිමයි.. හපෝ පිස්සො පටවන නැවේ කුඹ ගහේ එල්ලිලා ආව කෙනෙක් කියලා තමා මට ඒ කාලේ හිතුනේ... ඒ දවස්වලම මෙයා වැම්පයර් කෙනෙක් කියලා තේරුනත් මම හිතුවේ නෑ හාෆ් කෙනෙක් කියලා එයා... ටිකක් දවස් ගියාම තමයි මම එයා මගේ මේට් කියලා අඳුනගත්තේ...

ඒ කාලේ තිබුනේ ආකර්ශනයක් විතරයි... ඒකත් ඇති වෙනවා නැති වෙනවා.. මොකද මේ කෙල්ල කරන ගොන් වැඩ වල හැටියට මගේ ජීවිතේ අවදානමක් ගන්න බෑනේ..😅😅😅😅 මම දන්නේ නෑ එයාට මම කවදා ආදරේ කරන්න ගත්තද කියලා.. කොටින්ම මේ ටිකකට කලින් ඒ හැඟීම ආදරේ කියලා දැනන් හිටියෙත් නැ.. දැන් ටාරා ආවම මොනා කරන්නද කියලා මට හිතාගන්න බෑ.. මට ආයෙම පැනලා යන්න වෙයිද?එක අතකට එයා තේරුම් ගනී... එදා එක්සෑම් එකටත් එයාගේ අප්පලා බල කරාට මෙඩිසින් සිලෙක්ට් වෙන්න කියලා එයා පස්සෙ හ්‍යුන්ගෙන් අවස්තාවක් ඉල්ලන් මැනේජ්මන්ට් එකේ එක්සෑම් එකත් කලා.. එයා තමන්ගේ හිතට එකඟව වැඩ කරන කෙනෙක්.. එයා ඒ නිසා මාව තේරුම් ගනී කියලා හිතනවා මං.. එහෙම නැති උනොත්.. අනේ මන්දා.. මට තේරෙන්නෙ නෑ..

-" grrrrr.......... grrrrr........"

-" යාහ්....... මාව ඇඳෙන් එලෙව්වා මදිවට මෙතනවත් නිදාගන්න දෙන්නේ නැද්ද?"

කවදාහරි මගෙ නින්දට ටටා බායි කියන්න වෙන්නේ... මේ සමයම ඇඳ පුරාම යනවා හිනා වෙවී.. බ්ලින්කිගේ ගෙරවිලි මැද්දෙම මම බ්ලැන්කට් එකත් ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදාගත්තා..
.
.
.
.

Next day morning

කර ගඳක් එනවා නේද??? මොකද්ද ඒ.... ආපෝ හ්‍යුන්ග් ආයෙම මොනාහරි කඩලද දන්නේ නෑ.. ඕනේ එකක් කරගන්නේ නැතැයි මට නිදිමතයි

-" ඔහ් ශිට්.... බ්ලින්කී "

දුම් ගඳක් එක්කම මහ අමුතු කරගඳක් ආව නිසා මම හිතුවේ හ්‍යුන්ග් කියලා.. ඒත් මට පස්සෙයි මතක් උනේ බ්ලින්කී තාම මෙහේ නේද කියලා.. නිදිමතේම මම කිචන් එක පැත්තට ගියේ මේ හොල්මන මොනවා කරන් ඇතිද කියලා බලන්න

-" ඔම්මා........!!! යාහ් බ්ලින්කී මම බය උනා මනුස්සයෝ.. මොකද මේ? "

මම බ්ලින්කිව දැක්ක ගමන් මුලින්ම බය උනා කිව්වොත් හරි... නින්දෙන් නැගිට්ට ගමන් කිචන් එකට ගිහින්ද කොහෙද.. කොන්ඩෙත් අවුල් කරන් දුම් අතරෙන් හිනා වෙද්දි මට ඇත්තටම බය හිතුනා.. කැරට් , ගෝවා වගේ එලවලු හැමතැනම.. කරවුන පාන් පෙති තව තැනක.. භාජන ගොඩක් සින්ක් එකේ.. කොටින්ම කිචන් එක ඇතුලේ දෙවන ලෝක යුද්දේ ට්‍රයල් එකක් කරලා වගේ.. ඒ තරම් පිලිවෙලයි..

BLINKEY || KTH ✔️Where stories live. Discover now