Chapter 05

1.1K 304 33
                                    

එතකොට එයා මං ගැන ඇත්ත දැනන් ඉඳලද? මේ පාර නම් මම ඉවරයී වගේ....

-" වුල්ෆ්ලා... "

කුකී කිව්වේ නහය අකුලන ගමන්... ටේගේන් නැත්තත් කුකීට අනික් සොම්බේලා දෙන්නාගෙන් වුල්ෆ්ලගෙ ස්මෙල් එකක් දැනිලා තිබුනා... අපි හැමෝටම වඩා කුකී ගොඩක් සංවේදී නිසා එයාට අපිට කලින්ම දැනෙනවා දේවල්...

-" ආයිශ්........... යා බ්ලින්කියා... අපි මේ ගැන අනිත් අයට කියන්න ඕනේ... "

ජිමින් කිව්වේ බැරෑරුම් මූණක් මවාගෙන... එතකොට මේ දේවල් දැනගත්තම ක්ලෑන් එකේ අය ටේව පන්නයිද මෙහෙන්???

මට තිබුන ලොකුම ප්‍රශ්නේ උනේ ඒක... ඒ නිසා මේ ගැන හරියට හොයාගන්නකන් මුකුත් නොකියා ඉන්න මම අනික් අයගෙන් ප්‍රොමිස් එකක් ගත්තා.. හවස් වරුවේ ලෙක් නැති නිසා මමයි සේමීයි මෝඩ ජෝඩුව එක්ක ආපහු ගෙවල් වලට ගියා..
.
.
.

-" සේමී..... එයා කිව්වනෙ එයාට මෝඩ කෙල්ලොයි වැම්පයර්ස්ලයි පේන්න බෑ කියලා... ඒ කියන්නෙ එයා මං ගැන දැනන් ඉඳලාද අකමැති වෙලා තියෙන්නේ මට?? "

-" ඔන්න ඔන්න ආයෙම..... යාහ් පොඩ්ඩක් කට වහන් ඉන්නවකෝ... "

එයා කියයි මම එපැයි දෙපාරකට ගුටි කන්න... ශිට් මගෙ වෙලාවට මට මනස පාලනය කරන්න බෑනේ... ආහ් පොඩ්ඩක් ඉන්න... ඒත් සේමියට පුලුවන් නේ... මම හොර හිනාවකුත් දාගෙන සේමි දිහා බල්ද්දි,

-" ශිරො... මට බෑ... මට ඕක නම් කරන්න බෑ බ්ලින්කී "

-" යා..... ඔහේ මගේ හිත කියෙව්වද? "

හිත කියවන්න බෑනේ ඉතින් කොහොමත් මේකට මගේ... මේට්ගේ හිත විතරයි නේ කියවන්න පුලුවන්

-" ඔය මෝඩ මූණ දැක්කම හිතුනා මට යම ලෝකෙට ටිකට් එකක් කියලා ඒකයි බැලුවේ..."

සේමියා එහෙම කියන ගමන් ඇදේ පෙරලුනා.. ඒකත් ඇත්ත... ටේ හදිසියේවත් අපි දන්නවා කියලා දන්නවා නම්.... සම්බෝල හදයි අපි දෙන්නගෙන්... අයිශ්.......... එයාලගේ කන් ඇහෙනවා වැඩී නේද? දෙයියනේ වලක් කපන් ඒකට පැනලා වල උඩින් මල් දාගන්න හිතයි මට...

මේ වෙනකන් මම කියපුවා ටේට ඇහිලා කියලා මතක් වෙද්දිත් කලන්තේ වගේ මට... ඒත් ඇයි එයාගෙන් විතරක් මට ස්ට්‍රෝබෙරි සුවඳක් එන්නේ??? නම්ජූන් ඔප්පගෙන් එන්නෙ මනුස්සයන්ගෙන් දැනෙන ස්මෙල් එකක් නේ.. අනේ මන්දා ඔලුව පැටලුන නූල් බෝලේ වගේ...

BLINKEY || KTH ✔️Où les histoires vivent. Découvrez maintenant