✨️Chapter 38✨️

2.8K 466 268
                                    

Taekook in this Part 🔺

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Taekook in this Part 🔺

සිදුවීම් මිනිසුන්ගේ සිතුවිලි වලට පටහැනියි. ටේ හ්යොන්ග් හට සිදුවූයේද එයයි.

අඩක් විවර වූ කවුළුවෙන් කාමරය තුළට ඇඳ හැලුණු හිරු කිරණයක් මුහුණ මත පතනය වීම නිසා ටේ හ්යොන්ග් දෑස් සෙමින් වුවර කළා. සූර්යයාලෝකයට දෑස් හුරු වූවයින් පසුව ටේ හ්යොන්ග්ට හුරුපුරුදු ලී සිවිලිම දිස් විය. පෙරදින රැයේ මතකයන් ඔහුගේ මනසේ හොල්මන් කරමින් පැවතියා. ඔහු සිටියේ ජන්ග්කුක් සමඟයි, ඔවුන් දෙදෙනා එකම ඇඳ හුවමාරු කරගෙන නිදාගත්තා. ඔහු ලැජ්ජාශීලීව හිස වම්පසට හැරවීය. නමුත් එහි කිසිවෙක් නොසිටියා. ඇඳේ හිස් පෙදෙස ශීතලවී තිබුණේ එහි කිසිවෙකුත් නොසිටි ලෙසයි. පොරෝනය පිළිවෙලකට නවා කොට්ටය මත තබා තිබුණා. නමුත් ඔහු එහි නොසිටියා.

මේක වෙන්න බෑ!

ටේ හ්යොන්ග් එකවරම ඇඳ මත ඉඳගත්තේ අතින් ඇස් පොඩි කරමිනි. ජන්ග්කුක් වචනයක්වත් නොකියා සෝල් වෙත නොයන බව ඔහු දැන සිටියා. නමුත් ජන්ග්කුක්ට කළ නොහැකි කිසිවක් නොමැත; ඔහුව සදහටම තනිකර දමා යෑම වුවද ජන්ග්කුක්ට කළ හැකියි.

ටේ හ්යොන්ග් ඉක්මනින්ම ඔහුගේ දුරකතනය අතට ගත්තේ ජන්ග්කුක්ට දුරකතන ඇමතුමක් ලබා දීමටයි. නමුත් ජන්ග්කුක් ඔහුගේ අලුත් දුරකතන අංකය දැනගන්නවාටද ඔහු අකමැති උනා. ඔහු තොල දිවෙන් තෙත් කරමින් දුරකතනයේ තිරය දෙස බැලුවා. එහි නව කෙටි පණිවිඩ දෙකක් තිබුණා. 1. Jimin- ' මට අද අලුත් photoshoot එකක් තියනවා.මට සුබ පතන්න.' ටේ හ්යොන්ග් 'Good Luck' යනුවෙන් වේගයෙන් ටයිප් කොට ඔහුට පිළිතුරු දුන්නා. 2. Dahyun- ' ඔප්පා, අපිට ඔයා නැතුන් පාළුයි. ඉක්මනට සෝල් වලට එන්න.' ටේ හ්යොන්ග් ' Me too ' ලෙස ඉක්මනින් ප්‍රතිචාර යැව්වා.

✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️Opowieści tętniące życiem. Odkryj je teraz