" එතකොට මගේ හදවත? ඔයාට ඒකත් එපාද?"
ජන්ග්කුක් ඒ මොකක්ද කිව්වේ! " ආහ්?" ටේ හ්යොන්ග්ගේ මුව එකවරම විවර විය. " ඔයා-"
"ආහ්!" ජන්ග්කුක් එකවරම නොසන්සුන් හඬක් පිටකලා. ' මගේ මේ nerdy secretary ටනම් මොනවත් තේරෙන්නෑ.' ජන්ග්කුක් තනිවම කල්පනා කරමින් මාතෘකාව වෙනතකට යොමු කිරීමට සිතාගෙන නැවතත් ටේ හ්යොන්ග් දෙසට හැරී කතා කළා. " ඔයාට ගිහින් මූණ හෝදන් එන්න පුළුවන්ද? එහෙම නැත්තන් අඩුමතරමේ ඔය කටකෙළ පිහිදගන්න. මට බලන් ඉන්න බෑ."
"මොකක්?" ටේ හ්යොන්ග් ඔහුගේ අත ඉක්මනින්ම මුව වෙත ගෙන ගියා. ඔහු මෙහි පැමිණීමට පෙර මූණ සෝදා නොගත් බව ටේ හ්යොන්ග් හට සම්පූර්ණයෙන්ම අමතක වී තිබුණා. නින්දෙන් අවධි වූ වහාම බාල තරුණයා සොයාගැනීමට නොහැකි වූ නිසා ඇති වූ කැළඹීමත් සමඟ ඔහුට ඒ දෙය සම්පූර්ණයෙන්ම අමතක වී තිබුණා.
ටේ හ්යොන්ග් පසුපස නොබලාම නානකාමරය වෙත දිව ගොස් කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන ඔහුගේ මුහුණ පිරික්සීමට පටන් ගත්තා. " Oh my goodness!" ඔහුගේ නිකටෙහි තිබූ පැල්ලම දුටු ටේ හ්යොන්ග් පපුව අල්ලගෙන අඬන්න පටන් ගත්තා. " දෙවියනේ, ඇයි මං එතෙන්ට යන්න කලින් ඔයා මාව නොමැරුවේ? එයා මාව මේ විදිහට දැක්කා! එයා එහෙනම් ඒකයි අර විදිහට මං දිහා බලන් හිටියේ, මං හිතුවේ- ආහ්හ්හ්හ්!"
ටේ හ්යොන්ග් නානකාමරයේ දොර අල්ලාගෙන ඔහුගේ හිස වැරෙන් දොරෙහි වද්දාගත්තා. " Ouch!" ඔහු වටපිට බලමින් අතුරුදහන් වීමට හෝ නොපෙනී සිටීමට ක්‍රමයක් කල්පනා කළා. නමුත් නානකාමරය තුළ ඒ කිසිවක් සොයාගැනීමට නොහැකි වූ නිසා ඔහු මුහුණ සෝදාගත්තා.
ටේ හ්යොන්ග් මිත්තනිය දෙවරක්ම කතා කළත් කෑම මේසයට නොපැමිණියේ විවිධ කාර්‍යයන්ගේ නිරත වන බව පෙන්වමිනි. ඔහු කුකුළන් සමඟ සෙල්ලම් කරා, උඳුන දැල්වීමට වියළී දර කෝටු සොයමින් ඇවිද්දා. නමුත් ඔහුට ජන්ග්කුක් පිළිඹඳව සිතීම ඔහුට නවතාගත නොහැකි විය.
ඔහු පෙන්ඩනය ස්පර්ශ කරමින් තනිවම සිනහසුනා. එය ව්‍යාජ එකක් වූවත් ඔහු එයට ආදරය කළා. හැමදේකටම වඩා එය ඔහුට පැළඳුවේ ජන්ග්කුක්, ඒ කියන්නෙ ජන්ග්කුක් ඔහුව ස්පර්ශ කරලා.
CZYTASZ
✨️ᴡʜᴀᴛ'ꜱ ᴡʀᴏɴɢ ᴡɪᴛʜ ᴍʏ ʙᴏꜱꜱ || TRANSLATION [💜️💚TAEKOOK💚💜️]✨️
Fanfictionජියොන් ජන්ග්කුක් කියන්නේ හිතුවක්කාර තරුණ CEO වරයෙක්. ඔහු Jeon automobiles යන විශාල ආයතනයේ හිමිකරුවායි. ඔහු ඉතාමත් ධනවත් පුදගයෙකි. ඔහුගේ ජීවිතයට කිම් ටේ හ්යොන්ග් නැමැති කටකාර දුප්පත් තරුණයා පැමිණෙන්නේ එක්තරා අවාසනාවන්ත් සිදුවීමක් නිසාවෙනි. ඉතින් සතුර...