ඔවුන්ගේ ආදරය දිනෙන් දින ශක්තිමත් වන්නට විය...
"සෝහියුන්..."
"අප්පා..."
ඇල්ෆා මින් තම දියණියට කතා කලේය...
"දුව...ඔයාගේ ලූනා වගේම හැගීම් පාලනය ගැන ඔයා ඉගෙනගෙන ඉවරයි...මං හිතනවා ඔයා ඔයාගේ සහකාරයා දැන් හොයාගෙන ඇතිය කියලා..."
ඇල්ෆා මින් එසේ පවසද්දී...සෝහියුන් බිම බලාගත්තීය...ඇයගේ සිතේ තෙරපෙන එකම ප්‍රශ්නය වූයේ ඇල්ෆා මින්ට තමන්ගේ සහකරු ගැන පැවසූ විට ඔහුගේ ප්‍රතිචාරයයි...අනිවාර්යයෙන්ම එයට අකැමැති වන බව ඇයට නිසැකය...
"දේ අප්පා...මං ඒ ගැන හෙට කියන්නම්..."
සෝහියුන් ඇල්ෆා මින්ගෙන් හෙට දිනය තෙක් කල් ඉල්ලන්නට විය...
"ආරස්සෝ දුව...හොදට හිතලා තීරණය කරන්න..."
සිනහ මුසු මුහුණන් පැවසූ ඔහු ඇයට පිටවන ලෙස අතින් සන් කලේය...ඇය පියාට ආචාර කල කුටියෙන් පිටත් විය...
ඇය ඉක්මනින් තම කුටියට පැමිණ දොර වසා ගත්තාය...ඉන්පසු නම්ජූන් හට සිතින් කතා කරන්නට විය..
'ජූන්...මට ඔයාව හමුවෙන්න ඕනි..'
'දැන්ම...???'
නම්ජූන්ගේ පසින් පිලිතුරු ලෙස ලැබුනි...
'දේ...දැන්මම...ලොකු හදිස්සියක්...පුරුදු විදිහට ගංගාව ගාවට එන්න'
'ආරස්සෝ...මං එන්නම්...'
ඉන්පසු සෝහියුන් තම මිනිස් ස්වරූපය වෘක ස්වරූපයට හරවා ගනිමින් හීයක වේගයෙන් ගංගාව අසලට පැමිණියාය...
යන විට නම්ජූන්ද පැමිනි සිටියේය...
"ජූන්...මට ප්‍රශ්නයක්..."
"ම්වෝ..?? මොකද වුනේ සෝ.."
විසල් කර ගත් දෑස්වලින් ඔහු ඇයගෙන් අසන්නට විය...
"අප්පා...මගෙන් සහකරු ගැන අහනවා...හෙට වෙනකොට මං පිලිතුරක් දෙන්න ඕනි මං මොකද කරන්නේ..."
සෝහියුන් එසේ පැවසූ විට නම්ජූන් නළල රැලි කරගත්තේය...
"එහෙමද??"
"දේ..."
"අපි කියමු...අපි දෙන්නා තමා සහකාරයෝ කියලා..."
YOU ARE READING
Forever Lovers❤ ️✔️
FantasíaYou're mine & I'm Yours...💗 We will face to future together...💗 -My second Oneshot.... -Boy x Girl.... -Not English.... -Sinhala Language.... -Fantasy Romance..... -Sorry For the mistakes.... -Hope U enjoy!!!! ❤️Started : 12th of September 2021 ❤️...