Forever Lovers💗03

158 35 4
                                    

•Present•

"දේ ඇල්ෆා...මට ඇහුන විදිහට නම් ඔහු කිව්වේ ඔහුගේ සහකාරිය ඇල්ෆා මින්ගේ බාල දියණිය මින් සෝහියුන් කියලා..."

තුන් සොහොයුරන්ගේ කතාව අසා සිටි කිම් මින්සන්ග් ඇල්ෆා කිම් හට එය පැවසීය...

නම්ජූන්ගේ ළගකදී සිට ඇති වෙනස් හැසිරීම් ඇල්ෆා කිම්ගේ හිතේ නම්ජූන් කෙරෙහි සැකයක් ඇති කිරීමට සමත් විය...ඒ හේතුවෙන් මින්සන්ග් නම්ජූන් පිලිබද තොරතුරු සෙවීමට ඇල්ෆා කිම් යොමු කලේය...

"සෝහියුන්...???...ම්ම්ම්ම්...ආරස්සෝ...දැන් මින්සන්ග් යන්න...එසේම නම්ජූන්ට මෙහි පැමිණෙන්න කියලත් කියන්න..."

හිස නවා ආචාර කල ඔහු කුටියෙන් පිටත්ව නම්ජූන් හමු වී කාරණාවද පැවසීය...

•Namjoon's View•

"අප්පා..මට කතා කලාද..??"

නම්ජූන් තම පියාට ආචාර කරමින් ඇල්ෆා කිම් පෙන්වූ ආසනයෙන් හිද ගත්තේය...

"දේ...කතා කලා...මං ඔයාට කතා කලේ දෙයක් දැනගන්න..."

"මොකද්ද අප්පා..."

"ඔයාගේ සහකාරිය කවුද??"

ඍජුවම ඇසූ ප්‍රශ්නයෙන් නම්ජූන්ගේ දෑස් විසල් විය...ඔහුට හිතුනේ ඔහුගේ සහ සෝහියුන්ගේ සම්බන්ධය දැනගෙන ඇතිය කියාය...

"අප්පා...මේ අප්පා...මගේ...මේ සහකාරිය...මේ..."

"මින් සෝහියුන් එහෙම නේද?"

ඇල්ෆා කිම් එසේ පැවසූ විට නම්ජූන් විසල් කරගත් දෑස් වලින් ඇල්ෆා දෙස බැලීය...නම්ජූන් හිමින් තම හිස වැනුවේ ඔව් කියන්නටය...

"බැහැ...ඔයාට බෑ එයාගේ සහකරු වෙන්න...ඇල්ෆා මින් කියන්නේ අපෙ සතුරන්...මේක වෙන්නේ නෑ..."

ඇල්ෆා කිම් ස්ථීර හඩකින් පවසද්දී නම්ජූන් බිම බලාගත්තේය...

"නැහැ අප්පා...මං සෝහියුන්ව මගේ සහකාරිය විදිහට සලකුණු කරලා ඉවරයි..."

නම්ජූන් ඇල්ෆා කිම්ගේ දෑස් දෙස බලන අතරතුර පැවසීය...

"සෝහියුන්ව අපිට බාර ගන්න බෑ අපේ කණ්ඩායමට...ඒ නිසා ඔබ කිම් යුනා විවාහ කරගත යුතුයි..."

Forever Lovers❤ ️✔️Where stories live. Discover now