chapter 3

352 54 1
                                    

මින් කටහඬ අවඳි කරනවත් එක්කම ටේට කෝල් එකක් ආපු නිසා මින් අහන්න ගිය එක නතර කරා.

" මින් මන් හිතන්නෙ දැන් අපිට යන්න වෙනවා "

" ආ එහෙමද ටේ හරි අපි යමු එහෙනම් 😁 ඒත් හදිස්සියේම කතා කරේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද 🙂 "

" ඔයාටත් පිස්සු මින් කතා කරේ ජේකේ 😂 උන් ඔයාලගේ ගෙදර ගිහින්ලු මාව හොයාගෙන ⁣අක්කා තමා කියලා තියෙන්නෙ මන් එක්ක කොහෙද ගියා කියලා දැන් එන්නලු "

" ආ තව දෙයක් මින් මට තාම කෙල්ලෙක් නෑ 🤭 "

" හී ඔප්පා..මන් නිකන් ඇහුවේ 😁

ටේට ජේකේගෙන් කෝල් එකක් ඇවිල්ලා එන්න කිව්වේ ටේව හොයාගෙන කට්ටියම මින්ගෙ ගෙද ගිය නිසා.ටේ මින් එක්ක කාර් එකත් අරගෙන ගෙදර ගියා.

" අනේ ඔප්පා..කාර් එක පොඩ්ඩක් නතර කරන්නකෝ "

" ඇයි මින් මොකද උනේ ඔයාට මොනාහරි ගන්න ඕනිද..🙄 මාත් එන්නම් "

" නෑ නෑ ඔප්පා ඉන්නකෝ මන් ගිහින් ඉක්මනට එන්නම් "

ටේ කාර් එක පාරේ අයිනකින් නවත්තපු ගමන් මින් කාර් එකෙන් බැහැලා ආයේ ආපස්සට දිව්වා.ටේත් කාර් එකෙන් බැහැලා බැලුවේ මින් දුවන්නෙ කොහෙද කියලා.කාර් එකෙන් බැහැපු ගමන් ටේ දැක්කෙ මින් ඇස් පේන්නේ නැති මනුස්සයෙක්ට පාර පනින්න උදව් කරනවා.ඒක දැක්කාම ටේගෙ මූණේ ලාවට හිනාවක් ඇඳුනා. මින් ඒ මනුස්සයාට පාර පනින්න උදව් කරලා ආයේ කාර් එක පැත්තට එනවා දැකපු ටේ මින් දකින්න කලින් ආයෙම කාර් එකට නැග්ගා.

" හරි ඔප්පා අපි යමු "

" කොහෙද මින් ගියේ "

" හී ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි අපි යමු "

" හ්ම්..මින් කවුද අද ගෙදරට ආපු අමුත්තා...නෑ මන් මේ ඇහුවේ අපේ කොල්ලො ටිකත් අද එහෙට ගියානේ ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද "

" අනී කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඒ ඇවිල්ලා ඉන්නෙ අපේ අක්කා මැරි කරන්න ඉන්න අයියා "

" ම්වෝ...😳 "

" ආව් ඔප්පා මගේ ඔලුව 😑 "

ගෙදරට ඇවිල්ලා ඉන්නෙ මින්⁣ගෙ අක්කා මැරි කරන්න ඉන්න අයියා කියලා මින් කිව්ව සැනින් ටේට කාර් එකේ බ්‍රේක් එක පෑගුනේ මේක දැනගත්තොත් ජේකේ කො⁣හොම හැසිරෙයිද කියන බයෙන්. ටේ බ්‍රේක් ගහපු පාර මින් ගේ ඔලුව ගිහින් ඉස්සරහා වීදුරුවේ වැදුනේ මින්ට ⁣ෂීට්බෙල්ට් එක දාගන්න අමතක වෙලා තිබ්බ නිසා.

silent lover ( Completed )Where stories live. Discover now