❗This is an AU. In no way shape or form are any of the characters a reflection on BTS' real personalities/mannerisms/orientations. The characters are entirely a work of fiction. ❗
🐨Namjoon's Birthday Special🐨
🦋 Eternal Summer 🦋
ගිම්හානයේ එක කාර්යබහුල දිනයක මධ්‍යහ්නය වෙද්දි කාර්යාලයේ දොරටුවෙන් එලියට ඇවිදගෙන ආපු නම්ජුන් බැලුවෙ අහස දිහා.. තව මොහොතකින් මොර සූරන වැස්සක් කඩා හැලෙන පෙර නිමිති අහස පුරාම දකින්න ලැබුණා.. 'අවාරේට වැටෙන වැහි තමා ලස්සනම' ඔහු හිතුවා.. දිගු හුස්මක් අරගෙන අඩියට දෙකට කාර්යාලය ඉස්සරහ තියෙන පොඩි කෝපි හලට ගියපු ඔහු ඉක්මණටම තමන්ගේ ඇනවුම බාර දීලා පාර දිහාට මුහුණලා තියෙන මේසය ලඟින් වාඩි උනා.. ' මෙතනට හොඳට වැස්ස පේනවා'... බලාපොරොත්තු උන විදියටම සිහින් පොද වලින් පටන් ගත්ත වැස්ස ටික ටික වැඩි උනා.. මිනිස්සු හිස් ලූ ලූ අත දුවද්දි වැස්ස ඔහේ තමන්ගේ පාඩුවේ කඩාහැලුනා.. වේගෙන් ඇවිත් විශාල වීදුරුවෙ වැදෙන වැහි බිංදු රටාවකට පහලට රූටාගෙන යන හැටි ඔහු බලාගෙන හිටියේ දැහැනකට සම වැදුනා වගේ.
' සර්ගෙ කෝපි එක'
වේටර්ගෙ හඬින් ගැස්සුන ඔහු කෝපි එක ස්තූති කරලා අතට ගත්තා.. සීතල වැස්සක උණුසුම් කෝපි කෝප්පයක්.. ලෝකෙ තියෙන හොඳම ගැළපීම් වලින් එකක්. ඔහු හිතුවා. ඒත් එක්කම වගේ ඔහුට මතක් උනේ එහෙම ගලපගන්න බැරි උන දෙයක් එක්තරා කාලයකදි එයාගෙන් ඈතට ගිය හැටි. ජීවිතේ හරි පුදුමයි. ජීවිතේ අපට හමුවන ඕනි දෙයක් ගලපගන්න පුළුවන් උනොත් හරි.. එහෙම නොවුනොත් ඒ දේවල් ඇස් පනාපිටම අපිට නැතිවෙලා යනවා.
උණුසුම් කෝපි උගුරක් බිව්ව නම්ජුන්ගෙ මුහුණෙ මන්දස්මිතයක් ඇඳුනෙ ඉබේටමයි." නම්ජුනා!!!!"
වැස්සට බාගෙට තෙත බරියම් උන හෝසොක් ඈත සිටම නම්ජුන් වෙත අත වනමින් පැමිණියා.. නම්ජුන් වලගැහෙන කම්මුලෙන් ඔහු සමඟ හිනා උනා..
" හිටිගමන් කඩන් වැටුණනෙ මහ ජරා වැස්සක්..." හෝසොක් කිව්වෙ තමන්ගේ ඇඟේ පබළු වගේ එල්ලිලා තිබුණු වැහි බිංදු අතින් පිහිදනගමන්..
" මං හිතුවෙ අද site එකට යාවි කියලා " නම්ජුන් කිව්වෙ තවත් උණුසුම් කෝපි උගුරක් බොමින්.
YOU ARE READING
Eternal Summer || KNJ || Short Story
Fanfictionළා හිරු රැස් පතිත වෙමින් අවාරය රස ගන් වන හිරි පොදින් සියුම් බිඳු තෙමද්දී සෙමින් මතක මන්දිර මැවෙයි ඇස් කොණින් රටා අඳින දුම් වළලු කෝපි මතින් සිහිගන්වාවි එක් එක් දිනයක හැඬුම් පද පේළි ගැටෙනා විට පොතින් සිනා එක් වේවි හාදුවක රසයෙන් රත් පැහැ වර්ණ හැඩවූ ගිම...