හැම තැනම අන්ධකාරයෙන් වැහිලා... කිසිම දෙයක් පැහැදිලි ව පේන්නේ නෑ....
👤 : Jung kook......... Jung kook....
මට ඇහුන කව්රු හරි මට කතා කරනවා... ඒ කව්ද කියලා මට හිතා ගන්න බෑ මන් කරුවලේ ම වට පිට බැලුව...
👤 : Jung kook... මෙහාට එන්න... ඉක්මනට...
ආයෙත් ඒ කටහඩ මයි.... ඒ කව්රු උනත් හරිම අමාරුවෙන් කෑ ගැහුවේ.... කරුවලේ මට මොකුත් පේන්නේ නැති නිසා මම අමාරුවෙන් කටහඩ ඇහුන පැත්තට හෙමින් හෙමින් ගියා...
👤 : jung kook....
දිගින් දිගටම ඒ කටහඩ මට ඇහුනත් මට කවුරුත් පෙනුනේ නෑ...
👤 : jung kook... මේ දේ හොදින් අහගන්න... ඔයා හරිම විශේෂයි... ඒ විශේෂය ඉක්මනින් හොයා ගන්න.. නැත්නම් ඔයාටත් අනතුරක් වෙයි... පරිස්සම් වෙන්න jung kook... පරිස්සම් වෙන්න...
මට දෝංකාර දිදී ඒ කටහඩ සැරෙන් සැරේ ඇහෙන්න ගත්ත....මන් ඔළුව බදා ගෙන බීම වාඩි උනා....
.
.
.
ඒ එක්කම මට ඇහැරුනා... 😐 හැමදාම වගේ එකම හීනෙ මට අදත් පෙනුන.... මගේ ඇගම දාඩියෙන් තෙත් වෙලා ඒ මදිවට ඔළුවට පැලෙන්න වගේ රිදෙනවා....පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න... එකම දේ ඇයි මට මේ සැරෙන් සැරේ පේන්නේ.. කාගෙන්ද මන් පරිස්සම් වෙන්න ඕන... කාගේද ඒ කටහඩ... 😐
හැමදාමත් ඔය ප්රශ්නේ ඔලුවේ තියන් තමයි මන් උදේට ඇහැරෙන්නේ.... ඒක නම් දැන් මට වදයක්....
මන් ටික වෙලාවක් ඇද වියලට හේත්තු වෙලා අස් දෙක පියා ගෙන හිටිය....
( මේ වගේ කියලා හිතා ගන්න 😌)
Tae : jung kooka... ඔයා ඇහැරිලා ද ඉන්නේ...
Jk : ආ ඔව් ඔව්.... නැගිටලා ඉන්නේ...
මන් අස් දෙක අරින්නේ වත් නැතුව හිටපු විදිහටම Taehyung ට උත්තර දුන්න....
YOU ARE READING
❤ Still With You ❤ [Completed ]
Fanfiction👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ...