CHAPTER 1

748 111 3
                                    

" සර් මිස්ටර් හන්ව කවුරු හරි මරලා."

ජොන්ගින් ඒක මට කියනවත් එක්ක මම සුසුම් හෙලුවේ, මේ වගේ කොච්චර මර්ඩර් කේස් අපි විසදුවත් අන්තිමට දේශපාලන බලයට හරි පෝසත් මිනිස්සුන්ගේ සල්ලි වලට හරි ඒ වගේ කේසස් යට වෙන නිසා. කවදාවත් ඇත්ත එලියට එන්න දෙන්නෙත් නෑ. කොච්චර ආසාවෙන් මේ වගේ දේවල් විසදුවත් අන්තිමට ඒ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නේ නැතුව යටගහද්දී මට දැනුන්නේ මහ ලොකු කලකිරීමක්. පොඩි කාලේ ඉදන් තිබුණු ආසාවට පොලිස් ඔෆිසර් කෙනෙක් වුනත්, ඇත්තටම පොලිස් ඔෆිසර් කෙනෙක් වුනාට පස්සේ තමා තේරුනේ මේක මොන වගේ රස්සාවක්ද කියලා. මගේ අවධානේ වෙනස් වුනේ මගේ ෆෝන් එකට ආපු නොටිෆිකේශන් එකක් නිසා.

               පෙරදින රාත්‍රියේ හන් නම්ගිල් මහතා ඝාතනයට ලක්කර ඇති අතර අද උදෑසන එතුමාගේ සිරුර එතුමාගේ නිවස තුළ තිබී සොයාගත් බවයි ආරංචි මාර්ග පවසන්නේ...

ඒක දැක්කට පස්සේ මගේ ඇහි බැම නිරායාසයෙන්ම ඉස්සුනේ ඇතිවුන පුදුමය නිසා.

හන් නම්ගිල් කියන්නේ අපේ නගරාධිපතිතුමා. මිස්ටර් හන්ව මැරුවා කියලා කිව්වම මං හිතුවේ කවුරු හරි ව්‍යාපරිකයෙක් කියලා. ඒත් මෙච්චර ආරක්ෂාවක් මැද ඉන්න එතුමාව ඝාතනය කරන්න පුලුවන් වුනේ කාටද.

" මේ කේස් එකත් සර්ට ඉන්විස්ටිගේට් කරන්න කියලා ඉහළින් දැනුම් දීලා."

"හරි අපි ටීම් එකක් රෙඩි කරගෙන එහෙට යමු."

MISSION 🌸~PJM (Completed)Where stories live. Discover now