CHAPTER 7

464 99 52
                                    

අද මගේ ඕෆ් ඩේ එක වුනත් වෙනදටත් වඩා කලින් නැගිටලා ලස්සනට ඇද-පැලද ගත්තේ අද මට විශේෂ දවසක් නිසා. ඒත් ඒ වැඩේට යන්න කලින් මම පොලිස් ස්ටේෂන් එකට ගියේ මම මගේ අත් ඔරලෝසුව දාලා ඇවිත් තිබුන නිසා.

"සර් අද ගොඩාක් සතුටින් වගේ ?"

ඒක එයාලටත් පේන තරම් මං සතුටින්ද ඒ කියන්නේ.

"ඔව් ජොන්ගින් අද මං ආදරේ කරන කෙනාට ඒක ගැන කියනවා."

ඔව් මං දැන් දන්නවා මං මීහීට ගොඩාක් ආදරෙයි කියලා. ඒක කියන්න යන නිසයි මං  මෙච්චර සතුටින්. එයා මට වෛර කරන්නේ නෑ. එයාත් මං වගේම මට ආදරේ ඇති. එයා කිව්වේ නෑ. ඒත් මට තේරෙනවා. එහෙම හිතෙන්වා

"එහෙනම් එයා ගොඩාක් වාසනාවන්තයි. සර් දන්නවද ලේටස්ම නිව්ස් එක?"

එහෙම කියලා ජොන්ගින් පත්තරය මගේ අතට දුන්නා. ඒකේ තිබ්බ දේ දැකලා මට දැනුනේ මගේ ඉස්සරහම මං මවපු හීනත් එක්කම මේ ලෝකේ කඩාගෙන වැටෙනවා වගේ.

හන් නම්ගිල් මහතාගේ හා හන් සේහි මහත්මියගේ එකම දියණියවන හන් මීහී පෙරදින රාත්‍රියේ සිය නිවස තුලදී ගෙල වැලදාගෙන මියගොස් ඇති අතර ඇය අවසන් වරට ලියූ ලිපියේ සදහන් වන්නේ මෙය මිනීමැරුමක් නොවන බවත්, ඇයට ඇතිවූ කළකිරීම හා ලැජ්ජාව නිසා මෙවැනි දේකට පෙළඹුණු බවත්ය...

නොසිතූ ලෙසකට
අහඹු හමුවක් කර අරුමයක්
නමුත් අද ඔබ මගෙන් ඈතට
නොඑන ගමන් දෙස බල බලා
සිතින් විතරක් පෙම් කලත් අද
මතු හැම භවයකම
ඔබ මගෙම වෙන්නැයි පතමි මා...
(මේ නිසදැස නම් ලස්සන නෑ 😁)

-------------------------------------------------------------------------
ලස්සන නම් නැතුව ඇති ඒත් මේකත් දෙන්න හිතුවා. shanukiiii තමා description එක ලියලා දුන්නේ. කියවන,Vote , comment කරන හැමෝටම thnx❤️❤️❤️

MISSION 🌸~PJM (Completed)Where stories live. Discover now