අපි එහෙ යනකොටත් ඇම්බියුලන්ස් එකක් ඇවිත් තිබ්බේ මිස්ටර් හන්ගේ සිරුර වැඩි දුර පරීක්ෂණවලට අරන් යන්න. මුලු මන්දිරයම ආරක්ෂාව තවත් වැඩි කරලා තිබ්බා. එතන හිටිය නිළධාරියෙක් මාවත් එක්කගෙන ගියේ මිස්ටර් හන්ගේ බොඩි එක තියෙන තැනට. ලේ විලක් මැද හිටපු මිස්ටර් හන් අවසන් හුස්ම හෙළලා තියෙන්නේ අමානුෂික පිහිපහරවල් කිහිපයක් නිසා බව බැලූ බැල්මට පේනවා. හොදින් පරික්ෂා කරත් කිසිම හෝඩුවාවක් හම්බුනේ නෑ.
"ආයුධය හම්බුනේ නැද්ද?"
"නෑ මිස්ටර් පාක්. මෙහෙමම තමා බොඩි එක තිබිලා තියෙන්නේ."
"කවුද දැකලා තියෙන්නේ ?"
"මිසිස් හන් "
"CCTV Recordings?"
"සර් ඒවා මොනවත් නෑ සර්. ඒවත් අයින් කරලා"
"ම්ම්ම්... බොඩි එක ඇරන් යන්න කියන්න. මරණ සහතිකේ අරගන්න කියන්න. ආදාහනය කරන්න දෙන්න එපා මේක හරියටම විසදගන්නකම්. මට මිසිස් හන්ව හම්බෙන්න ඕනේ."
"හෙලෝ මිස්ටර් පාක්. මම තමා මිස්ටර් හන්ගේ මරණ පරීක්ෂණ කරන්නේ. සර් මේක රාත්‍රී දහයත් එකොළහත් අතර වෙලා තියෙන්නේ. පිහි පහරවල් කිහිපයක්ම තියෙනවා. බෙල්ලත් ලණුවකින් හිරකරලා තමා අවසන් හුස්ම යවලා තියෙන්නේ. ඇගිලි සළකුණු ගැන හරියටම කියන්න බෑ. මොකද එතන කිහිප දෙනෙක්ගෙම ඇගිලි සටහන් තියෙනවා. මරණ සහතික හෙට උදේ හම්බෙයි."
"තැන්ක්‍යූ ඩොක්ටර්. මාත් තව ටිකකින් එනවා හොස්පිට්ල් එකට. මට තව ටිකක් බොඩි එක බලන්න ඕනේ හොදට...ජොන්ගින් මට මිසිස් හන් සේහිව හම්බෙන්න ඕනේ."
"සර් මැඩම්ගේ මානසික මට්ටම වැඩිය හොද නැල්ලු. මෙතන ගොඩක් කලබල කරාලු අඩ අඩා. බැරිම තැන ස්ලීපින් ටැබ්ලට්ස් දීලා. තාම ඇහැරිලා නෑ."
"හරි ඒකට කමක් නෑ."
එතනින් පිටත්වෙලා මම ගියේ හන් නම්ගිල්ගේ බොඩි එක තව ටිකක් පරීක්ෂාකරලා බලන්න. හෝඩුවාවල් කිහිපයක් හම්බුනත් මිනීමරුවා කවුරු කියලා සැක කරන්න තරම් සාක්ෂි හම්බුනේ නෑ.
YOU ARE READING
MISSION 🌸~PJM (Completed)
Short Story"රටක් සෙළවු එක් මිනීමැරුමක් ලෝකයාගේ ඇසට එක් දුක්බර කතාවක් වුවද ඒ මගේ ජිවිතේ නව පියවරක් කිසිම දිනක නොසිතූ ඉතින් මගේ හද දිනූ තරුණිය දෙනවාද මට ඔබේ ඔය අත අල්ලන් ඇවිදින්නට සසර පුරාවට"