NEXT DAY
උදෙන්ම නැගිටලා ඉක්මනින් ලෑස්ති වුනේ තවමත් විසදුනේ නැති පරීක්ෂණයක් ඉතුරු වෙලා තියෙන නිසයි. හන් නිවසට ගියේ මෙවරත් හන් සේහිගෙන් කට උත්තරයක් ගන්න බැරි වෙයිද කියන සැකෙන්.
" මිසිස් හන්ව හම්බෙන්නයි මම ආවේ."
එතන හිටිය වැඩ කරන කෙනෙක්ට කතා කරලා මම කිව්වා.
"මාත් එක්ක එන්න සර්"
ඇය මාව ටිකක් ලොකු ලිවින්ග් රූම් එකකට එක්කන් ගියා. හන් සේහි දිහා බැලුවට මං දැක්කේ වෙනදා හිටපු කෙනා නෙමෙයි. මුලු මූනම සුදුමැලි වෙලා, ඇස් රතුම රතු පාටයි, ඇස් යට කලු වෙලා. කොටින්ම කිව්වොත් අඩලා අඩලා හෙම්බත් වෙලා. මං එතනට යවත් එක්කම බිබී හිටපු තේ කෝප්පේ පැත්තකින් තියලා, ආයාසයෙන් මවාගත්ත හිනාවක් පෑවා. ඇයට ආචාර කරලා එතන තිබුන පුටුවක ඉදගත්තේ සිදුවුනේ මොකද්ද කියලා දැනගන්න.
"මං දන්නවා මේ ඔෆිසර් ඇවිත් තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ මිනීමැරුම ගැන දැනගන්න. ඒත් මට තාම හිතා ගන්න බෑ..."
එහෙම කියලා මිසිස් සේහි ආයේ අඩන්න පටන් ගත්තා.
"මට දැනගන්න ලැබුණා මිසිස් හන් තමා බොඩි එක හොයාගත්තේ කියලා"
ඇඩුම නවතිනකම් ඉදලා මං මගේ ප්‍රශ්න කිරීම පටන් ගත්තා.
"ඔව් උදේ මම නැගිටලා තේ එකත් බොන ගමන් ලිවින්ග් රූම් එකට එද්දී තමා මං දැක්කේ.. මගේ කෑගහන සද්දෙට මීහීත් දුවගෙන ආවා... මට තාම මේක හීනයක් වගේ"
"මීහී කියන්නේ කවුද?"
"මගේ දුව"
එහෙම කියලා ලිවින්ග් රූම් එකේ කොනකට අත දික් කරා. එතකොට තමා මං දැක්කේ මිස් සේහිත් මාත් ඇරෙන්න එයාලගේ දුව මීහීත් එතන ඉදලා කියලා. පූස් පැටියෙක් අතේ ගුලි කරගෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියේ මට වඩා අවුරුදු දෙක තුනක් බාල ලස්සන තරුණියක්. නගරාධිපතිතුමාට දුවෙක් ඉන්නවා කියලා අහලා තිබ්බට එයා කාටවත් පේන්න එළියට ආපු කෙනෙක් නෙමෙයි.
YOU ARE READING
MISSION 🌸~PJM (Completed)
Short Story"රටක් සෙළවු එක් මිනීමැරුමක් ලෝකයාගේ ඇසට එක් දුක්බර කතාවක් වුවද ඒ මගේ ජිවිතේ නව පියවරක් කිසිම දිනක නොසිතූ ඉතින් මගේ හද දිනූ තරුණිය දෙනවාද මට ඔබේ ඔය අත අල්ලන් ඇවිදින්නට සසර පුරාවට"