(3)

213 71 4
                                    

චේමින්ට දෑස් විවර කිරීම පවා අපහසු බවක් දැණිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


චේමින්ට දෑස් විවර කිරීම පවා අපහසු බවක් දැණිනි. ඇය වියැලුණු උගුරෙන් සුසුමක් ඇද සිටගන්නට තැත් කළාය. තමාගේ දෑත් ගැට ගසා ඇති බවත් දෑස වසා රෙදි පටියක් ඇති බවද ඇයට තේරුණේ එවිටය.

'ජිමිනා...' හඬ පිට කරන්නට උත්සාහා කළද ඇගේ හඬ පිට නොවේ. උගුර වියැලී ලේ රසය ගෙන ඇත.

තමා⁣ සිටින්නේ නිරුවතින් හා රුධිරයෙන් වැසී බව තේරුම් ගත් ඇයට සිදුවූ සියල්ල වැටහිණි. පියා අතින් ජිමින්ව අතවරයට ලක්වීම වළකා ගන්නට යන සෑම දිනකම ඇය අවදි වන්නේ නිරුවතිනි.

වේදනාව හිස පුරා පැතිරෙද්දීම ඇය අපහසුවෙන් දෑස බැඳ තිබූ පටිය ඇඳ දාරයේ පටලවා ගැලවූවාය.

දූවිලි වැකි තිර රෙදි අතරින් වැගිරෙන හිරු ආලෝකය ඇගේ දෑසට පහර දෙද්දී තමාගේ සිරුර පුරා තිබූ කැළැල් ඇය දුටුවාය.

'ජිමින්... කොහෙද...' යන්න තමාගෙන්ම විමසූ චේමින් අපහසුවෙන් නැගිට අසල තබූ ලාච්චුවක් වෙතට පිය නැගුවාය. තමාගේ දෑත බැඳ තිබූ රෙදි පටිය එහි අතුල්වා කඩද්දි ඇගේ මැණික් කටු තද රතු පැහැයට හැරිණි.

රුධිරය වැගිරෙන කැපුම් පහරවල් මතින්ම කෙටි කලිසමක් සහා කබායක් දමා ගත් ඇය ජිමින් සාමාන්‍යයෙන් සැඟවෙන අට්ටාලය වෙතට ගියාය.

ඇය යන විටත් අට හැවිරිදි ජිමින් දූවිලි පොළොවේ ගුලිවී නිදිය. සෙනෙහස පිරුණ දෑසින් තම සොයුරා වෙතට නැඹුරු වූ චේමින් ඔහුගේ නළල සිප ගත්තාය.

'මම ඔයාව මේ අපායෙන් යවනවා චිම්. ඔයා හොඳ විතරක් උරුම කෙනෙක්...'

If Only | YM |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now