(1)

418 75 9
                                    

යුන්ගිගේ දෑත් මෘදුව ඇගේ ගෙල වටා එතිණි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


යුන්ගිගේ දෑත් මෘදුව ඇගේ ගෙල වටා එතිණි. ඇගේ කොපුලක් ඔහු සෙමෙන් සිප ගනිද්දි තාලයකට නැළවුණු චෙරි පෙති බිම වැටිණි.

'සුබ උපන්දිනයක් චේමින්.' ඔහු මැතිරීය.

සුළං රැළි ඇගේ කෙස් සමඟ නැළවෙද්දී සුදෝ සුදු දත් දෙපළින් ඈ සිනාසුණාය. 'ඔයාට ස්තූතියි යුන්ගි.'

දහහත් හැවිරිදි පෙම්වතුන් යුවළ මදක් සිනාසී දෙපසට වූහ. බංකුව මත එක් වී තිබුණු ඔවුන්ගේ දෑත් දෙපසට වූයේ ඇගේ පියා එතැනට පැමිණීමෙනි.

'චේමින්...' ගැඹුරු හඬට අවනතව සිට ගත් ඇය ඉදිරියට නැවී යුන්ගිගේ කෙස් ඉවත් කර ඔහුගේ නළලට හාදුවක් දුන්නාය.

'මම ඔයාට ආදරෙයි යුන්ගි.' ඇගේ උණුසුම් මැතිරීමෙන් යුන්ගිගේ සුදුමැලි මුහුණේ රතු පැහැයක් පැතිරිණි.

පියාගේ අතින් ඉවතට ඇදී යන තමාගේ ප්‍රේමය දෙස බලා සිටි යුන්ගි ඇගේ ස්පර්ශය රැගත් තමාගේ දෑත් තුළ මුහුණ සඟවා ගත්තේය.

If Only | YM |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora