සියල්ල සිදුව දැන් වසර දහතුනකි. ජිමින් වයස විසිතුනක තරුණයෙකි. යුන්ගි තිස්තුන් හැවිරිදි ව්‍යාපාරිකයෙකු වූ අතර ඔහු ජිමින් සමඟ විවාහ ගිවිස ගත්තේ වසරකට පෙරය.
ජිමින්ගේ සියල්ල තුළින් ඔහු දුටුවේ චේමින්වය. තම සොයුරා වෙනුවෙන් දිවි කැප කර එදිනම මහ මගදීම දිවියෙන් සමුගත් වීරවරියවය.
රාත්‍රියේ තම පෙම්වතාගේ එහා පසින් වැතිරුණු යුන්ගි ඔහුගේ කෙස් පසුපසට කොට නළල සිප ගත්තේය.
'ඔයාගේ අක්කා හුඟක් ශක්තිමත් කෙනෙක්. ඔයාව මගේ අතට දීලා එතනම එයා මැරිලා වැටුණ හැටි මට මතකයි. ඒත් එයා එදා ඔයාව මට දුන්න නිසා මම අද සතුටින්. මගේ ජීවිතේ එළිය ඔයයි පාර්ක් ජිමින්...'
අඩ නින්දේ සිටි ජිමින් තමාගේ දෑත් යුන්ගිගේ දෙවුර වටා යවා ඔහුව සිප ගත්තේය.
'මම ඔයාට ආදරෙයි හ්‍යුන්ග්.'
'මේ කරන දේ හරි වුණත් වැරදි වුණත්, දේවල් හීනයක් වුණත් මම ඔයාට ආදරෙයි පාර්ක් ජිමින්.'
_____නිමි____
YOU ARE READING
If Only | YM |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝙄𝙛 𝙤𝙣𝙡𝙮 𝙄 𝙠𝙣𝙚𝙬 𝙬𝙝𝙖𝙩 𝙢𝙮 𝙝𝙚𝙖𝙧𝙩 𝙬𝙖𝙨 𝙩𝙚𝙡𝙡𝙞𝙣𝙜 𝙢𝙚 𝘿𝙤𝙣'𝙩 𝙠𝙣𝙤𝙬 𝙬𝙝𝙖𝙩 𝙄'𝙢 𝙛𝙚𝙚𝙡𝙞𝙣𝙜 𝙄𝙨 𝙩𝙝𝙞𝙨 𝙟𝙪𝙨𝙩 𝙖 𝙙𝙧𝙚𝙖𝙢? 𝙄𝙛 𝙤𝙣𝙡𝙮 𝙄 𝙘𝙤𝙪𝙡𝙙 𝙧𝙚𝙖𝙙 𝙩𝙝𝙚 𝙨𝙞𝙜𝙣𝙨 𝙞𝙣 𝙛𝙧𝙤𝙣𝙩 𝙤𝙛 𝙢𝙚 𝙄...