පහළොස්වන කොටස

171 46 0
                                    

වර්තමානයෙන් අතීතයට...

සුහෝවත් වාහනේට දාගෙන මමයි ඩැනී ආවේ මගේ ගෙදරට. ඒ වෙද්දීත් එන්න ඕනි හැම කෙනෙක්ම ගෙදර ඇවිත් හිටියේ. අත්වලට මාංචු දාලා සුහොගේ නලලට පිස්ටල් එක තියන් ආවේ මේ කටේ හැටි දන්න නිසාමයි. ගේ ලගට ඇවිත් ඩැනීට යන්න කියලා සුහෝව ඉස්සරහට කරන් පිස්ටල් එක ඔලුවට තියන් ගේ ඇතුලට ගිහින් ඉක්මනට දොර වැහුවේ සුහෝව උන්ගෙන් බේරගන්න පුළුවන් වුන නිසා. කට්ටියම මගේ දිහා බලන් හිටියේ හොල්මනක් දැක්කා වගේ. තාමත් පිස්ටල් එක සුහොගේ ඔලුවට ඒම් කරන් ඉන්නේ කියලා අමතක වුනා. ඉක්මනට පිස්ටල් එක ඉනේ ගහගත්තේ කට්ටියම බයවෙලා හිටපු නිසා. මාංචු අයින් කරලා මන් සුහෝ දිහා බැලුවේ මේ අවස්තාවේ ඒ බයවුන මූණ දිහා බලන්න ඕනි නිසා. කොල්ලට හම්බානෙක දාඩිය දාලා. ඊට වඩා එයාගේ ඇස් වල තිබුනේ කේන්තියක්. කවදාවත් නොදැකපු.

" තමුන් කවුද "

සුහෝ මගේ උරහිස් වලින් අල්ලන් ගේ දෙදරන්න කෑගැහුවේ මාව හරි සිහියටත් අරගෙන.

" සුහෝ මේ මම.. සෝයොන් "

" අනී මේ තමුන් නෙමෙයි. මගේ සෝ තමුන් තරම් දරුණු නෑ. එයාට බෑ පිස්ටල් එකක් හරියට අල්ලගන්න. තමුසේ කවුද කියනවා. මොනවද තමුන්ට ඕනි.. "

" සුහෝ ඕක නතර කරපන් "

" අහ් දැන්නේ දැක්කේ.. ජිමින් සෝයොන්ගෙ අලුත් ආදරේ. මේක නතර කරේ නැත්නම් තමුන් මට මොනවා කරන්නද"

" සුහෝ පිස්සෙක් වගෙ හැසිරෙන්න එපා. "

" තමුන් කවුද ජිමින් මට එහෙම කියන්න. තමුන් නිසා මට මගේ ආදරේ නැති වුනා. දන්නවද ඒ වේදනාව කොච්චරද කියලා. මට ඇත්ත කියනවා ජිමින් ඇත්ත කියනවා. "

සුහෝ ජිමින්ගේ කොලර් එකෙන් අල්ලන් ජිමින්ට කෑගහද්දී සුහෝව පැත්තක තල්ලු කරලා ජිමින්ව බදාගත්තේ මගේ හැමදේම ජිමින් නිසා. සුහෝ ආයිත් ජිමින්ට ගහන්න පනිද්දී මගෙන් කම්මුල් පාරක් සුහෝට වැදුනේ එතන හිටපු හැමෝම බලන් ඉද්දී.

" තමුන්ට මොනවද දැනගන්න ඕනි මින් සුහෝ. ආ කියනවා ඉතින්. මොනවද මොනවද.. තමුන් දන්නේ තමුන්ගේ වේදනාව විතරද වේදනාව. තමුන්ට වඩා වේදනාවක් ඉපදුනු දවසේ ඉදන් මන් විදින්නේ. තමුන්ට තවත් විදවන්න ඕනිනම් මන් මේකත් කියන්නම්. තමුන් නිසා  මගේ ගෝලයෙක් ජීවිතයත් මරණයත් අතර සටනක. තමුන්ට ඒ ගැන දැන් දුක් වෙන්න පුළුවන්.මේක හොදට මතක තියාගන්නවා සුහෝ තව එක පාරක් හරි තමුන් නෙමෙයි වෙන කෙනෙක් හරි ජිමින් ගැන වැරදි දෙයක් කිව්වොත් මේ පිස්ටල් එකේ තියෙන උණ්ඩයක් තමුන්ගේ පැත්තට එන්න එච්චර වෙලා යන්නේ නෑ කියලා මතක තියාගන්නවා.. "

I NEED YOU 💜️ [MYG] ( Complete )Where stories live. Discover now