විසිතුන් වෙනි දිගහැරුම .....

1.9K 434 105
                                    

Out of the darkness .......📎📎📎📎

" ඔයා කෑගහන්න එපා මමා... ඔයා කරපුවා තමයි මේ..  ඔයා හිතුවද මම මේවා මුකුත් දන්නෑ කියලා ..."

චෙන් එසේ පවසද්දී හෙලේනා ඔහුට ගහන්නට අත ඉස්සුවේය.. නමුත් චාන් පැන එය වැලැක්වීය...

" පොලිසිය ඉස්සරහා විකාර කරන්න එපා මිසිස් හෙලේනා... තව ඉවර නෑ පොඩ්ඩක් ඉන්න..."

චාන් එසේ පවසා ඔහුගේ මවගේ කාමරයට ගියේය.. එහි කිසිවෙකු නොදන්නා රහස් ලාච්චු කීහිපයක් විය ඒවා තිබුනේ බිත්තියට සවිකර ඇති අල්මාරියක පිටුපසයි... එය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව අයින් කරවා ඒතුල තිබූ විශේෂ ලිපි කිහිපයක් චාන් ඉවතට ගත්තේය .. පසුව ඒවා යලිත් ආලින්දයට රැගෙන ආවේය...

" මිස්ටර් සිචෙන් .. මේ තියෙන්නෙ මගෙ පපා ගෙ ඇත්තම මරණ පරීක්ෂණ වාර්ථාව... මේක මට ලැබෙනකොට මම ලෙඩවෙන්න පටන් අරගෙන තිබුනේ.. මට සැරෙන් සැරේ මතකය එන වෙලාවක තමයි මේක හැංගුවේ... ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි... ඉදිරි පරීක්ෂණ වලට..."

චාන් එය දුන් විට චෙන් චාන් අසලට විත්...

" අයියා ... එතකොට පපාගෙ මරණෙ පිටිපස්සෙත්.... මමා...."

ඔහුගේ දෑසින් කදුලු කඩාවැටුනි....

" අපි හිමීට බලමු චෙන්... මට සමාවෙන්න ඔයාගෙ මමා ට විරුද්ධව මම වැඩකරනවට.. හැබැයි ඔයා දැන් පොලිසියට යන්න කලින් මේකත් අහගන්න මිසිස් හෙලේනා.. දේපල වලින් හරියටම භාගයක් මම චෙන්ගෙ නමට ලියනවා. ඔයා මිනිස්සුන්ගෙ ජීවිත නැතිකරලා ඒවා බලෙන් ගන්න හැදුවට මම චෙන්ට මගෙ කැමැත්තෙන් ම දෙනවා.. ඒ නිසා ඔයා හිත නිදහසේ නීතියෙන් දඩුවම් විදලා එන්න..."

↪️↪️↪️

හෙලේනා සිර භාරයට ගත්තෙය... චෙන්ගේ වගකීම චාන් අරගත් අතර ව්‍යාපාර දැනට චාන් සියල්ල පාලනය අතට ගත් අතර චෙන්ගේ කොටස ඔහුට අවුරුදු 20 ක් සම්පූර්ණ වූ පසු ඔහුට ලැබෙන ලෙස එදිනම ලියකියවිලි සූදානම් කලේය..

චෙන්ට එම නිවසේ තනිවම ඉන්නට නොහැකි නිසා චාන් යීබෝ ඩිස්චාර්ජ් කල පසු ඔහුගේ මමා සමග මෙහිම නවතින්නට තීරණය කලේය ඔහු එය සිචෙන්ට කී පසු සිචෙන් ද එයට එකඟ විය... සවස පහ වනවිට නීතිමය කටයුතු හරි අඩක් වසන්විය...  බින් ඔහුගේ එපාර්ට්මන්ට් එකට ගියේ හෙට ඔහුගේ රැකියාවට සමුදීමට අවශ්‍ය දෑ සූදානම් කරගැනීමටයි...

OUT OF THE DARKNESS ........yizhan ff Complete  ......Tempat cerita menjadi hidup. Temukan sekarang