Jungkook's pov
අද හැමෝම busy.හැමෝම එහේ මෙහේ ගිහින්.හ්‍යුන්ග්ලා ගැන ගත්තොත්...හ්ම්..
මගේ ජින් හ්‍යුන්ග් නම් දැන් ගායෝන් නූනාව marry කරලා අවුරුදු 5ක් වගේ.දැන් නම් දෙදරු පියෙක්.චූටි ජින්‍යොන්ග්ට ළගදිම පුන්චි නන්ගි බබෙක් ලැබේවි.ජින්‍යොන්ග් නම් හ්‍යුන්ග් පොඩි කාලේ වගේ, පොඩ්ඩා කියලා නෑ මාරම handsome.මුලදි දෙන්නට දෙන්නා පේනම බැරිවුනත් අපිටත් හොරින්ම ජින් හ්‍යුන්ග් ගායෝන් නූනාව යාලු කරගත්තේ.එදා අපි හැමෝටම mini heart attack දීලා.මොනවාවුනත් දෙන්නට දෙන්නා මාරෙටම ගැලපෙනවා.හ්‍යුන්ග් අපි හැමෝටම අප්පා වෙද්දි නූනා අපි හැමෝටම ඔම්මා වුනා.මුලදි මරාගෙන රණ්ඩුවුනත් දැන් දෙන්නම රණ්ඩු නොවෙන තරම්.ජින් හ්‍යුන්ග් ඒ තරම් වගකීම් සහගත husband කෙනෙක් වේවි කියලා අපි කවුරුවත්ම හිතුවේ නෑ .මොකද හ්‍යුන්ග් ටිකක් පොඩි එකෙක් වගේ නිසා.ඒත් නූනා ළඟදි හ්‍යුන්ග් හැසිරෙන්නේ පුදුමාකාර වගකීමෙන්.නූනාව ගොඩක් පරිස්සම් කරන්නේ අපි හැමෝටම එයා දිහා බලලා හැදෙන්න කියලා නොකියා කියමින්.
එතකොට මගේ හොසොකී හ්‍යුන්ග් මගේ ආදරණීය සෝආ නූනාව marry කරලා දැන් අවුරුද්දක් වයස පුන්චි කොල්ලෙක්ගේ අප්පා කෙනෙක්.කොල්ලාත් හ්‍යුන්ග් වගේමයි.අප්පාගේ හිනාවයි කෑ ගැහීමයි එහෙම්මම තියනවා.ඒ වගේම නූනාගේ අහින්සකකම,ඉවසීම.ඒ දෙන්නගෙම ලස්සන ගතිගුණ.ඒ දෙන්නාගේ ආදර කතාව තමා අපි අතර තියන ලස්සනම ආදර කතාව.ඒක අපි 7 දෙනා වගේම නූනලාත් පිළිගන්නවා.තවමත් ඒ වගේම නොවෙනස් යාලුකමක් එක්ක බැඳුණු ඒ ආදරේ හරිම ලස්සනයි.හොසොකී හ්‍යුන්ගෙයි සෝආ නූනාගෙයි එකිනෙකා අතර තියන ඒ තේරුම් ගැනීම මට තවම තේරුම් ගන්න බෑ.
ඊළඟට කවදත් හිතහොද මගේ පූස් හ්‍යුන්ග්....චණ්ඩි සමා නූනාව marry කලේ මීට මාස හයකට කලින්.හැමදාම පොඩි පොඩි ආදර රණ්ඩු තිබුනට දෙන්නට දෙන්නා නැතුව එක තත්පරයක් ඉන්න බෑ.හ්‍යුන්ග් නූනා එක්ක ලොකුවටම රණ්ඩු වුනේ එකම එක දවසයි.එදා නම් අපි ඇත්තටම බය වුනේ දෙන්නා සදහටම ඈත්වේවි කියලා.ඒත් අන්තිමට හ්‍යුන්ග් නූනාව බදාගෙන හොදටම අඩපු විඳිය මතක් වෙද්දි මටත් ඇඩෙනවා.යුන්ගි හ්‍යුන්ග්තුයි සමා නූනායි ආදරේ කරන විඳිය ගොඩක් වෙනස්.දෙන්නට දෙන්නා පේන්න ආදරේ නොකළත් හිත්වලින් ඒ දෙන්නා ගොඩක් බැදිලා ඉන්නේ.යුන්ගි හ්‍යුන්ග් හැමදාම හිතාමතාම නූනාව අවුස්සන්නේ නූනා තරහින් කෑ ගගහා රතුවෙන විදියට හ්‍යුන්ග් ගොඩක් කැමති නිසාමයි.ඒ ආදරේ වෙනස්ම ආදරයක්.
YOU ARE READING
I NEED U GIRL
Fanfiction"හ්‍යුන්ග්....හ්‍යුන්ග් මට සමාවෙන්න.ඒත්....මට බෑ...." "ජන්ග්කුකා...........උබ මොනවද මිනිහෝ මේ කියවන්නේ?" "උබ එයාට රිද්දුවොත් දෙයියන්ගේ නාමින් මම උබව මරනවා.මම දිවුරනවා ඒක." "ටේහ්යුනා.....මොනාවද මිනිහෝ උබ ඔය කියන්නේ......උබ දන්නවා ජන්ග්කුකා කියන්නේ ක...