Chapter 1🌹

959 152 29
                                    

මෙහි සිටින ලී යුන් සෝ ඔබගේ බිරිඳ ලෙස පිලිගන්නවාද???....

" ඔව්"

නම්ජූන් ඔළුව වනලා උත්තර දුන්නෙ යුන් සෝ ගෙ ඇස් දෙක දිහාම බලාගෙන....

මෙහි සිටින කිම් නම්ජූන් ඔබගේ ස්වාමිපුරුෂයා ලෙස පිලිගන්නවාද???....

ෆාදර් මනාලිය දිහාවට හැරිලා ආයෙත් ඇහුවා.....

" ඔව්...."

යුන් සෝ කිව්වෙ තමන්ගෙ තිබුණු ලස්සන රෝස තොල් හොලවලා අවංකවම හිනාවෙන ගමන්......

එසේ නම් මෙහි සිටින සියලුම පිරිස සාක්ෂි වශයෙන් ගෙන අද සිට ඔබ දෙදෙනා විවාහක යුවලක් ලෙස ප්‍රකාශයට පත් කරනවා....

දැන් මනාලයාට අවසර තියනවා තමන්ගෙ මනාලියව සිපගන්න.....

ෆාදර් හිනාවක් එක්කම නම්ජූන් දිහාවට හැරිලා කිව්වෙ ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදායට අනුව.....

ඉණට අත දාලා යුන් සෝව තමන්ගෙ ලගට අරගත්ත නම්ජූන් එයාව සිගපත්තා....ඒ සිපගැනීමේ ඇතුලත් වුණේ රාගය ද ආදරයද වේදනාවද කියලා දෙන්නටම හිතාගන්න බැරි වුණාට ඒ මොහොත උපරිමයෙන් විදගන්න දෙන්නම දැනන් ඉදියා.....

තමන්ගෙ බිරිදව ටික වෙලාවක් සිපගැනීමෙන් පස්සෙ නම්ජූන් යුන් සො එක්ක එයාලගෙ ගෙදර යන්න පිටත් වුණේ පල්ලියට ආපු හැමෝගෙම සුභ පැතුම් මැද......

ගෙදරට ආපු වෙලාවෙ යුන් සොට තමන්ගෙ බෙඩ් රූම් එක පෙන්නලා නම්ජූන් කෙලින්ම ගියේ හ්යෝන්ගේ ගෙ රූම් එකට....දොරට තට්ටු කරන්න ගත්ත අත ආයෙමත් පහලට අරන් කෙලින්ම දොර ඇරගෙන නම්ජූන් ඇතුලට ගියා.......

" ජූනී ජූනී "

මුළු කාමරේ පුරාම හ්යෝන්ගේගෙ මතක විසිරෙද්දි නම්ජූන්ටත් නොදැනිම එයා අතීතය ඇතුලෙ අතරමං වුණා.....

Before 3 months......
Back to past.....


නම්ජූන් කියන්නෙ Kim Company එකේ Owner Kim Seokjin ගෙ එකම මල්ලි....ජින්ට වගේම නම්ජූන්ටත් බිස්නස් වල අයිතිය සමසමව තිබුණට සේරම හැන්ඩ්ල් කලේ ජින් තනියම...මොකද එයා කැමති වුණේ නෑ මල්ලිගෙ ස්ටඩීස් එක්ක එයාව ප්‍ර් ලෙෂර් කරන්න.....

නම්ජූන්  , iu දෙන්නම පොඩි කාලෙ ඉදන්ම හැදුණෙ එකට.... නම්ජූන් iu ගෙ ගෙදර අයවත් හොදටම දැනගෙන ඉදපු නිසා ගෙවල්වලිනුත් එයාලගෙ friendship එකට කේස් දැම්මෙ නෑ.....පොඩි කාලෙ ඉදන්ම ළගින් ඉදපු යාළුවා වුණත් නම්ජූන්ගෙ හිතේ iu ගැන පොඩි කැමැත්තක් තිබුණා....යාළුකමත් නැතිවෙයි කියන බයට ගොඩක් කල් ඒක හිතේ හිර කරන් ඉදලා අන්තිමේ දවසක නම්ජූන් තීරණය කලා iu ට ඒක කියන්න....මොකද නම්ජූන් හිතපු විදියට iu ට වෙන සම්බන්ධ කමක් තිබුණෙ නෑ වගේම තමන්ට අකමැති වෙන්න හේතුවකුත් නොතිබුණ නිසා...

එදා හවසත් වෙනද වගේම දෙන්නා කොලේජ් ඇරිලා ගෙදර ආවෙ එකට.....

"iu මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....ගොඩ කාලෙක ඉදන් මම මේක ඔයාට කියන්න බලන් ඉදියා...ඒත් අද තමයි වෙලාවක් ආවෙ...."

" ඉතිං කියන්න නම්ජූනා.....බලන්නකො ඔයාට දාඩියත් දාලා සුදුමැලි වෙලා"

iu කිව්වෙ නම්ජූන්ගෙ නලලෙ තිබ්බ දාඩිය පෙන්නන් ගමන්.... ඒවෙලාවේ නම්ජූන් ඉදියෙ නන් දාඩිය ගැන හිතන මානසිකත්වයක නෙවෙයි.....

"iu මේ .....මේ ......මම ඔයාට... කැමතියි..... "

"ඔයා මට විහිළු කරනවද ජූනී..... විහිළු කරනවා නේද"

iu එහෙම ඇහුවත් නම්ජූන්ගෙ මූණ දිහා බලන් ඉද්දි iu ට තේරුණා මේක විහිළුවක් නෙවෙයි කියලා......

"නම්ජූන් ඔයයි මමයි පොඩි කාලෙ ඉදන් හැදුණෙ එකට..... ඇත්තටම ඒ එක දවසකවත් මට ඔයා ගැන එහෙම හිතිලත් නෑ හිතන්නත බෑ....ප්ලීස් තේරුන් ගන්න නම්ජූන්....අපි දිගටම යාළුවො වගේ ඉමු.....

අනික මම...මේ... කෙනෙක් ට කැමතියි....."

"ආහ්....ඒ කවුද....."

නම්ජූන් ඇහුවෙ ලොකු ඉරිසියාවක් එක්ක......

" ඔයාගෙ හ්යුන්ග්....ජින් හ්යුන්ග්.....එයා තාම දන්නෙ නෑ......ඔයා කියන්නත් එපා......එහෙනන් මම යනවා....උදේට හම්බවෙමු අපි"

iu එහෙම කියාගෙන නම්ජූන් ට අත වනලා හිනාවෙවී එතනින් ගියා.......

නම්ජූන් කෙලින්ම ගෙදර  ඇවිල්ලා රූම් එකේ දොර වහගත්තා....

" ඔයාගෙ හ්යුන්ග්....අපි යාළුවො වගේ ඉමු.......මම කෙනෙක් ට කැමතියි.....ඔයාගෙ හ්යුන්ග්....."

iu ගෙ වචන තමන්ගෙ ඔළුව පුරා දෝංකාර දෙනවා වගෙයි නම්ජූන්ට දැනුණෙ.....

" ආහ්හ්....නෑ නෑ නෑ....ඒක වෙන්න බෑ....iu මගේ විතරමයි....."

කාමරේ තියන බඩු පොලවෙ ගහන ගමන් නම්ජූන් හයියෙන් කෑ ගැහුවා.... බිදුණු වීදුරු කටු වලට හීරිච්ච තමන්ගෙ අත් දිහා වියරුවෙන් වගේ බලාගෙන ඉදපු නම්ජූන් එදා නිවැරදි කරන්න බැරි වැරැද්දකට සූදානම් වුණා.......

 Hubby Girl 💔 [Short Story || COMPLETED]💘Where stories live. Discover now