ඔන්න ගෙදර ඇවිල්ලා පූෂගේ හතරහන්දි වලට තෙල් ගාලා මූනු පොඩ්ඩේ හීරිච්ච තැන් වලට නිදිකුම්බා ටිකක් හපලා තිබ්බා අපේ ලොකු අයියා....
ටික වෙලාවකට පස්සේ හොබියගෙ මෙමරියට ආවා පොඩි උන් තුන නෑ කියලා 😂
හොබී : ඒ ජිනෝ අර කෝ නසරානියෝ තුන්දෙනා🙄
ජිනේ : ඇයි බන්......උන් තුන්දෙනා ගියේ වගාවට වතුර දාන්න.... තාම දානවා ඇති
හොබී : ඒක වෙන්න බෑ බන් අපි සුගාව එක්කන් එද්දි උන් හිටියේ නෑනේ බන් 😐 අනික මම දැක්කා ගහක් පිටිපස්සට වෙලා සිරික්කිය දදා ඉන්නවා 🙄
ජිනේ : ඈ බන් උබ මට කිව්වේ නෑනේ උබ උන් තුන්දෙනාව දැක්කා කියලා 😐 අනික උන් තුන්දෙනාට හිනාවෙන්න තියෙන කාරණේ මොකක්ද මේ පූසාගෙ අතපය කැඩිලා තියෙද්දි 🤨😑
(ඔන්න මෙච්චර වෙලා සද්ද බද්ද නැතුව හිටපු ජූනාගේ iq මීටරේට අදහසක් ආවා 😂)
ජූන් : පොඩ්ඩක් හිටහන් ,පොඩ්ඩක් හිටහන්🙂 උන් තුන්දෙනා ගහක හැන්ගිලා හිනා වෙනවා කියන්නේ සුගාට මේම වෙන්න හේතුව උන් තුන්දෙනා😐🙂 නැත්තම් කවුද මූට මේම කරන්න ඉන්නේ🙂
හොබී : අඩෝ ..හරීනේ බන් 🤨💔
ජිනේ : අම්මපා අද මම මුන් ඉවරයි 😤😤 (කියලාගෙන බැස්සා එලියට)
( පැලේ ඔය සිද්දිය වෙන අතරේ අරුන් තුන්දෙනා ඔයට බැහැලා නානවා🙂 අනේ ඉතිම් ලොක්කයියා ආවට පස්සෙ වෙන දේ දන්නැති නිසා හිනා වෙවී නානවා🙂💔)
ජිනේ : ඕයි .. තොපි තුන්දෙනා මේ දැම්ම වරෙල්ලා ගොඩට😑 මේ දැන්මම ..
තුන්කට්ටුව : ඇයි ලොක්කයියේ මොකක්ද පසනේ 😁
ජිනේ : මොකක්ද කියලා අහන්නැතුව වරෙල්ලා මීහරක් තුන 🤬💔 (තව ටිකක් වෙලා ගියොත් බලන්න පුලාම් අපේ ජිනී අයියා හෙල බස භාවිතා කරන හැටි😂)
ඔන්න තුන්දෙනා ගොඩට ආවා විතරයි ලොකු අයියා එලෝ එලෝ ගහන්න ගත්තා😂💔 අතිනුත් නෙමේ පත දෙකේ දෙකේ පොල්ලකින් 😂💔 පවු පොඩි එවුන් බුදාම්මියෝ මෙන්න නෙලනෝ .... බේරගනීයෝ.. ගගා අමුඩ ලේන්සු පිටින් ගම වටේම දුවනවා😂😂💔🤣
YOU ARE READING
ගෝලබාලයෝ😉😌😂
Fanfictionමරි මොංගල් සෙට් එකක් ගැන ආතල් කතාවක් 😉❤ හැබැයි අපහාසයක් කරන්නැ විනෝදාස් වාදයට පමණයි ඔදේ මෙයාලගෙ ඇත්ත ජීවිතත් එක්ක සම්බන්දයක් නෑ හොදේ😂❤