හේ හේ කෝමැයි ඉතින් මේක short story එකක් හරිය.... හදිස්සියට ආපු අදහසකටයි මේක ලියනේ ඒක නිසා ගොඩක් අඩුපාඩු ඇති. අනේ තියනවානම් කටවහන් යන්නැතුව කමෙන්ට් කරන් යන්න 😁. මම කැමතියි ඒවා හදාගන්න.
විශේෂයෙන් කියන්න දෙයක් නෑ අනී.☺ ඕන්න එහෙනම් කතාවට බහිමෝ .
----------------------------------------------------------------
"අනේ....බලන්නකෝ එයාගේ ලස්සන. හරිම කියුට්. "
මට හරියට තාම මොනවත් පේන්නේ නෑ. ඒත් මට වටේ පිටේ තියන හැම ශබ්දයක්ම හොදට ඇහෙනවා.
"හෑව්...."
මට හරියට සීතලයි. ඔම්මා මා ගාවට එන්නකූ....... මම කියන දේවල් කාටවත් ඇහෙන්නේ නැද්ද? . ඔම්මා අනේ එන්නකූ... මට තිබුනේ ඉපදුනු ගමන්ම අම්මාගේ උනුහුම නෙමේ. මට තිබුනේ පුංචි බැලැන්කට් එකක් විතරයි. ලයිට් ගොඩකට මගේ පුංචි ඇස් නිලංකාර වෙලා ගියේ මා වටේට දාලා තිබ්බ පුංචි ලයිට් නිසයි.
"ආනේ එයා ඇස් ඇරලා...."
"හා බලන්නකෝ එයාගේ හුරතලේ"
හැම තැනින්ම ඔන්න ඔය වගේ ශබ්ද තමයි ඇහුනේ.
"හා හා ලමයි එයාගෙන් අහාට වෙලා ඉන්න"
එතනට ආව මනුස්සයා මම වටේට පිරිලා හිටිය අයව එලවලා දාලා මාව පෙට්ටියක දාගෙන කොහෙද මන්දා යනා.. අනේ මාව කෝහෙද මේ ගෙනියන්නේ? වටේටම බුරන හඩවල් වගේම වේදනාත්මක කෑගැසීම් අවට පරිසරය ගිලගෙන හිටියේ මගේ බය තවත් වැඩි කරන්න සමත් කරමින්.
"ආ....කොහොමද බලු කුක්කෝ ඔයාගේ අලුත් නිවහනට සාදරයෙන් පිලිගන්නවා."එතන හිටපු දඩබ්බර පාට දුබුරුපාට ඇස් තියන බල්ලා මට සමච්චලයට හිනාවක් දාගෙනයි කියුවා.
"ආහ් ඔන්න යාලුවා මේ තමයි ඔයාට හම්බ වෙන තැන. එහෙනම් හොදින් ඉන්න මම යනවෝ." එහෙම කියලා අර මනුස්සයා මාව කලුපාට පුංචි කූඩුවක් ඇතුලට දාලා දොර වහලා යන්න හැදුවා.
"ඒයි ඒයි ඔහොම ඉන්නවා ....මාව මොන ලෝකෙකටද මේ අතෑරියේ?" (හව් හැව් හැව්)
"අයියෝ ඔයත් මේ අනිත් අය වගේ දැන්ම ඉදන් බුරන්න පුරුදු වෙනවද කූක්කෝ"හහ්
මට බයයි මේ මනුස්සයා මාව නපුරු කට්ටිය ඉන්න තැනකට ගෙනල්ලා දැන්මා. ඔම්මා බේරගන්නකූ.....මේ වටේ පිටේ ඉන්න දර දඩු බල්ලෝ මට හරියට බනිනවා. කැත විදිහට හිනා වෙනවා. අනේ මෙතන කලුවරයි මට බය හිතෙනවා.
"ස් ස්......" කවුද ඒ? මම මෙච්චර වෙලා හිටපු බර කල්පනාවෙන් එලියට ආවේ මට ඇහුනු සද්දය නිසයි. වටපිට බැලුවත් කවුරුත් පේන්න හිටියෙත් නෑ.
"ස් ස්...." ආපහු ඒ සද්දෙම එනවා. කවුද අලේ මේ?
"ඒයි ලමයා....." ආහ් මම දැනුයි ඒ කෙනාව දැක්කේ . එයා ගොඩක් වයස පාටයි.
"සැරයක් කතා කරාම කන් ඇහෙන්නේ නැද්ද? තමුන් කොහේ ඉදන්ද ආවේ?"
"ආන් මම මේ දල්ලෙ ලෑ"
"එහෙමද කොල්ලෝ. හැබැයි කොහෙන් ආවත් අනිවාර්යයෙන්ම ඔයාටත් ටික කාලෙක්න් මෙතන එපාවෙයි"
ඈ..මොකක්ද අලේ ඒ කතාව?....මත මෙලෝ දෙයක් තේරුනේ නෑ.....
A few days later....................
අනේ මට අර කෙනා කියපු දේවල් දැනුයි. මෙතන අපිට හරියට වද දෙනවා. ඔවු මෙතන සත්ව අනාතා ගාරයක් නෙමෙයි. මෙතන වදකා ගාරයක්. අර මට අනතුරු අඟවපු කෙනා ඊයේ මැරුනා. නිකන් නෙමෙයි මිනිස්සු එයාට ගොඩක් වද දීලා තමයි මරලා දාලා තිබුනේ. මෙතන කන්න දෙන දේවල් බල්ලෙක්ට වත් කන්න බෑ. ඒ වගේම හුරතල් අයව එයාලගේ shop එකට දාලා විකුනනවා. එහෙම හුරතල් නැති අය මෙතන ජීවිත කාලෙම විදවනවා. අද මොන වගේ දවසක්ද කියන්නමම දන්නේ නෑ. ඉපදුනු දවසේ ඉදන් මම එකම එක පාරයි ඉද එලිය දැක්කේ. මම තාම අහිංසක පුංචි බලු කුක්කෙක්. ඒත් තාමත් එයාලගේ හිත මම වෙනුවෙන් උනුවෙලා නම් නෑ.
______________________________________________________________________
හික්ස්😁
කෝමැයි ? මම කීවනි මේක short story එකක්. බායි හොදේ😄. මම යනේ එහෙනම්.
සාරන්හේ බලු කුක්කෝ 😊.
YOU ARE READING
BLACK SHADOW (COMPLETED)
FanfictionAm I too special? But I am an orphan. When will I be loved? . . . . . . This is my story. Cover by : BLACK_ROSE