Home🏠

61 23 5
                                    


ක්‍රික්........ තඩි යකඩ දොර විවෘත වුනේ තවත් සාමාජිකයෙකුට ගෙයක් හම්බෙන්නයි කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් නම් ගියේ නෑ.

"සර් මේ බලන්න මේයා ලගදි ගෙනාවේ." එහෙම කියලා අර මනුස්සයා ඉස්සරහින්ම ඉන්න පුංචිම පුංචි බලු කුක්කෙක්ට අත දික්කලා. 

"ආනේ අම්මේ බලන්නකෝ එයා හරිම කියුට්. අපි එයාව ගමුකෝ...අනේ අනේ.."

"ආ හරි එහෙනම් අපිට මෙයාව දෙන්න" 

"හරි මිස්"

අර පුංචි යාලුවානම් වාසනා වන්තයි. එයා ඇවිල්ලත් එච්චර දවසක් නෑ. ඒත් එයාට මේ වධකාගාරයෙන් ඉක්මනට ගැලවිලා යන්න පුලුවන්. ටික වෙලාවකින් පුංචි කූඩුවක් ගෙනත් ඒක ඇතුලට දාගෙන අරයාව ආසාවෙන් ගෙදර අරන් ගියා. 

ටික වෙලාවකට පස්සේ තවත් වතාවක් හයියෙන් දොර ඇරගෙන කඩවසම්  මැදිවියේ පිරිමිකෙනෙක් දොරෙන් ඇතුලට අවේ තවත් සාමාජිකයෙක්ට බලාපොරොත්තුවක් වෙලයි.

"කෝ....අර  මම කියපු කෙනා?"ඒ මනුස්සයා හරි ගාම්භීර වොයිස් එකකින් කතා කලේ.

"ආ එන්න සර්..එයා ඇතුලට වෙන්න ඉන්නවා."

මෙන්න මේ මිනිස්සු දෙන්නා මම ඉන්න කූඩුව පැත්තට එනා.

"මෙන්න මෙයා තමයි ඒ"

"ආ...මෙයාද. මම එයාව ගන්නවා. මම හිතනවා තමුන්ලා මෙයාට වද දීලා නැතුව ඇති කියලා."

"අපෝ සර් අපි කවදාවත් සත්තුන්ට කරදර කරන්නේ නෑ." අම්මේ මේ මනුස්සයා කියන පච වලට පොලව පලන් යන්නේ නැති ටික විතරයි.

"හරි ඒවයේන් මට වැඩක් නෑ. කියපු විදිහට ඉක්මනට මට මෙයාව පැක් කරලා දෙන්න." ම මාව එයා අරන් යනාද? අනේ දෙවියනේ.... හරිම ශෝක් මේ අපායෙන් ගැලවෙන්න තීනානම් ඒක හොදයි.

ඒ මනුස්සයා මාව පුංචි කූඩුවකට දාගෙන අරන් යන්නවගේ හදන්නේ. මමත් දගලන්නැතුව කූඩුවට වෙලා හිටියා. අපේ මම කවදා හරි ලොකු වෙලා මේකේ ඉන්න නැන්දලා මාමලාව බේර ගන්නවා. 

Few hours later_____________________

හවෑව්....සද්දේට ඈනුමක් ඇරියේ පැය ගානක ගමනකින් පස්සේ අර කෙනා වාහනය නවත්තලා මාව අත් දෙකට ගත්ත නිසා.

"ආ...පැටියෝ මාව උයාට අදුන්වලා දෙන්නනත් බැරි උනානේ. මගේ නම තමයි ටේ..එතකොට මේ තියෙන්පේ ඔයාගේ අලුත් ගෙදර"

______________________________________________________________________

හේ හේ කෝමද බලු ඛුක්කෝ ටික. ගෙයක් හම්බුනෝ😊...

අදහස කියන් යන්නෝ බායි 😊🙋

BLACK SHADOW  (COMPLETED)Onde histórias criam vida. Descubra agora