පහුවදා චාන් මිස්ටර් department head ට ශුආන් ගැන වගේම යීබොට කරදර කරපු එයාගේ සගයෝ දෙන්න ගැනයි පැමිනිලි කරා.
මිස්ටර් වෙන්ට ඒක අහලා ගොඩක්ම තරහ ගියා වගේම ශුආන් ඇතුලු තුන් දෙනාව ඔෆිස් එකට ගෙන්නලා දැඩිව අවවාද කරේ යීබො ඉස්සරහමයි.ආපහු ඔහොම දෙයක් උනොත් ගෙදරින් වැඩිහිටියෙක්ව ගෙන්නලා suspend කරනවා කියලත් කිව්වා.ඒත් යීබොගේ මූන නම් උපරිම අවුල් වෙලයි තිබුනේ.මිස්ටර් වෙන් චිආන්වත් ගෙන්නලා දැඩිව අවවාද කරේ වගකීම් පැහැර හැරියයි කියලයි.චිආන් ඇත්තටම ඒ වගේ වගකීම් පැහැර හරින කෙනෙක් නෙවෙයි.ඒ නිසාමයි එයාව SED එකට දාලා තියෙන්නේ.ඒත් එදා අවාසනාවට නොවැලැක්විය හැකි හේතුවක් නිසා චිආන්ට යන්න වෙලා තිබුනේ යීබොගේ මාමා එන්න ගොඩක් පරක්කු උන නිසා.ආපහු එහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්න කියලා කට්ටියවම ආපහු එයාලගේ ක්ලාසස් වලට යන්න කියලා යැව්වා.
චාන්ටත් ඊලග පීරියඩ් එක තියෙන්නේ SED එක නිසා යීබොත් එක්කම එලියට ආවේ යීබොත් එක්කම ක්ලාස් එකට යන්න කියලා හිතන්.ටික දුරක් ගියත් යීබො කතා කරේ නැති නිසා චාන් කතා කරන්න පටන් ගත්තා.
"පුතේ ආපහු ඔහොම උනොත් මට හරි කාට හරි සර් කෙනෙක්ට හරි මිස් කෙනෙක්ට හරි ඇවිත් කියන්න හරිද."
"සර් හිතන් ඉන්නේ සර් කියපු නිසා එයාලා මට කරදර කරන එක නවත්තයි කියලද?අනික දැන් සර් කරපු වැඩේ හින්දා තවත් තරහ පිරිමහයි මගෙන්."
යීබො කිව්වේ කලකිරීමෙන්."ඇයි ඔයත් එක්ක පැටලෙන්න එන්නේ? මොකක් හරි හේතුවක් තියෙනවද?"
චාන් ආපහු ඇහුවත් යීබො කිසිම දෙයක් කියන් නැතුව හිටියා.චානුයි යීබොයි මියුසික් රූම් එකට එද්දී අනිත් ලමයි ඇවිත් හිටියා."යැන්ලි පුතේ ලෙක්චර් එක ඉවර උනහම යන් නැතුව පොඩ්ඩක් ඉන්න.මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ."
ලෙක්චර් එක අතරතුර චාන් යැන්ලිට ඇවිත් කිව්වා."පුතේ ඔයා යීබොගේ යාලුවා නිසා මන් අහන්නේ.ඇයි එයා ඔයත් එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් වැඩිය කතා නැත්තේ.අපිත් එක්ක උනත් වැඩිය කතා කරන්න කැමති නෑ.අනික ආට් එකේ ශුආන් එක්ක මොකක්ද තියෙන හුටපටේ.ඊයේ මන් දැක්කා ශුආන් ලමයි දෙන්නෙක් එක්ක යීබොට කරදර කරනවා.එයා අනිත් ලමයි වගේ නෙවෙයි.ඒකයි මන් අහන්නේ."
ESTÁS LEYENDO
𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖 [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
FanficI can't see...But I can hear his whispers of Love...❤️💚