"මේ ලමයා කොහෙ ගියාද?"
චාන් අඩිය ඉක්මන් කරලා ලිවින් රූම් එකට යද්දි දැක්කේ ලිවින් රූම් එක කොනක තියෙන පියානෝ එක ලගට ගිහින් යීබො හරිම ආසාවෙන් ඒක අත ගගා ඉන්න විදිය.යීබොගේ ගෙදර යීබොට එහෙ මෙහෙ ඇවිදින්න පුලුවන් විදියට පුටු මේස වගේම අනිකුත් බඩු ඔක්කොම බිත්ති අයින් වල වගේ තිබ්බේ.සාලේ මැද ඉඩකඩ තිබුනේ යීබොව කිසි දේක හැප්පෙන එක වලක්වන්න.ඒත් චාන්ගේ ගෙදර එහෙම නෑ.ඉතින් චාන් බය උනේ සාලේ තියෙන මේසෙක,පුටුවක,ස්ටූල් එකක හරි හැප්පිලා වැටිලා ගියොත් මොන දෙයියන්ට කියන්නද? කියලා.චාන් ඇත්තටම යීබො ගැන ගොඩක් වද උනා.එයා ලග ඉන්න ටික වෙලාවට හරි එයාට යීබොව රෝස මලක් වගේ බලා ගන්න ඕනේ උනා.හිරීමක්වත් නොවෙන විදියට.
"අනේ අනේ පියානෝ ඉගෙන ගන්න එන්න කිව්වම මුලින් බ්ලෑ බ්ලෑ කිව්ව කොල්ල නේද මේ?"
එහෙම හිතෙද්දී චාන්ගේ මූනේ හිනාවක් ඇදුනේ යීබො මූනේ සුන්දර සිනාවකුත් එක්ක හරිම ආසාවකින් පියානෝ එක අත ගානවා දැකලා.ඒත් එක්කම යීබො පියානෝ එකේ වටේ අත ගාලා ඇවිත් පියානෝ keyboard එක ඇල්ලුවා.චාන් දැක්කා යීබො එක පාරට ගැස්සෙනවත් යීබොගේ මූන වෙනස් වෙනවත්.යීබො ටක් ගාලා අත් දෙකෙන්ම keyboard එක ආපහු අත ගෑවා.ඒක දැකලා චානුත් ටක් ගාලා යීබො ලගට ගියා."ආ යීබො මේක බීලා ඉන්න."
චාන් යීබොව piano bench එකෙන්ම වාඩි කරලා ජූස් එක යීබොගේ අතට දුන්නා."සර් මේ..."
"ෂ්ෂ්ෂ්.. ඕක බීලා ඉන්නකෝ මුලින්.පස්සෙ ප්‍රශ්න අහන්න."
යීබොත් තව වචනයක්වත් නොකියා බීම එක බිව්වා.ඒත් යීබොගේ හිතේ දැනටමත් ප්‍රශ්න කෝටියයි.
"විනාඩියක් දෙන්න.මන් කෝප්ප දෙක හෝදලා එන්නම්."
චාන් යීබො බීලා ඉවර උන ග්ලාස් එකයි එයාගේ ග්ලාස් එකයි අරන් කුස්සියට ගිහින් හෝදලා තියලා ආවා.චාන් දැක්කා එයා එද්දිත් යීබො piano එකේ keyboard එක අත ගගා ඉන්නවා.යීබො මුලින්ම අහන ප්‍රශ්නෙ මොකක්ද කියලා ඉතින් චාන් දන්නවා.
"සර්.."
"ම්.."
"මේ cover එක??"
යීබො ඇහුවේ චාන් piano එකේ keyboard එකේ keys උඩින් braille covers දාලා තිබුන නිසා.
ŞİMDİ OKUDUĞUN
𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖 [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Hayran KurguI can't see...But I can hear his whispers of Love...❤️💚