මට ඔම්මාව ඕනා..මට තනියම මේ දුක දාරාගන්න අමාරුයි..ඇයි මගෙ හිත යොන්ට මේච්චර ආදරේ කරලා තියෙන්න..මටත් එක හරියටම තේරුනේ අද..මට හිතුනෙ මේ ලෝකෙ මට හම්බුන හොඳම වගෙම මට ගැලපෙනම පිරිමි ළමයා යොන් හා කියලා..එත් දැන් මගෙ හිත හොදටම දන්නවා එයාව මට අයිති නෑ කියලා..
"එයා ඔයාගෙ නෙවෙයි මාකි..
එයා ඔයාගෙ යාලුවෙක් විතරයි..ඇයි මං එච්චර බලාපොරොත්තු ගොඩක් හිතෙ පුරවගත්තෙ..මම දැකපු හැම හිනයක්ම මෙච්චර දවසක් මම විතරක් තනියම දැකපුවා"එත් ඇයි එයා මං ගැන හෙව්වේ..,මත් එක්ක පාක් ගියේ..,මට මුලින්ම treat කරෙ..,හැමදාම පරිස්සමින් ඉන්න මාකි කිව්වේ..මගෙ හිත එයාගෙන් පිටවුන හැම පොඩි වචනෙකට පවා මට නොදැනි මගෙ හිත ගොඩක් ආදරෙ කරලා...
එදා මට සුයා එක්ක මාට් නොගියානම් කියලා හිතුනා එහෙනම් අදටත් අපි දෙන්නට දෙන්නා දන්නෙනෑ..මට එයා විශේෂ කෙනෙක් වගෙ දැනුනාට එයාට මාව හැමදාම යාලුවෙක් වගෙයි දැනිලා තියෙන්නෙ..
සමහර විට මම ගොඩක් ලස්සන නැති නිසා වෙන්නැති..මම දැන් පැය කියක් මෙහෙම ඇද උඩට වේලා ඇඩුවාද කියන්න මට මතක නෑ..මම ඇදෙන් නැගිටිල කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගෙ දිහා බලන් හිටියා..මගේ ඇස් හොදටම රතු වේලා..
"මට තවත් මේ කාමරේ ඉන්න බෑ..මට ඔම්මව ඕනේ..මට තනියම ඉන්න බෑ.."
මම ඇස් දෙකත් පිහිදගෙන පහළට ගියා..එත් සාලේ කවුරුත් නෑ..මට දැනුයි මතක්වුනේ ඔම්මාට අද නයිට් එක කියලා..අප්පාත් තම බුසාන් ගිහින් ඇවිත් නෑ..
මට හයියෙන් ඇඩෙන්න වගෙ..
මගෙ හිත කෑගැහුවා ඔම්මා ඕන කියලා..
මම ලොකු ඔප්පාගෙ රූම් එකට ගියාත් එයා හොදටම නිදි..
හොබි ඔප්පාත් ඩාන්සින් අයිටම් වගෙයක් පුරුදු වෙනවා..මං කොහොමද එයාට කරදර කරන්නෙ..එයා ගොඩක් මහන්සි වෙලා practice කරන්නෙ..
ශුගා ඔප්පත් ෆයිල් ගොඩක් බදාගෙන වැඩ.."අනේ...හැමෝටම වැඩ.."
මගේ ඇස්වලින් අයෙත් කදුලු වැටෙනවා..
"ඇයි මට දෙයක් උනාම එක දාරාගන්න මෙච්චර අමාරු"
මම අයෙත් රූම් එකට යන්න උඩට ආවා..
YOU ARE READING
Forever🌸 (Completed ✔️)
Fanfictionඔප්පලා හත් දෙනෙක්ගේ ආදරේ මැද හැදුනු සුරංගනවිය මාකිගේ කතාවයි 🌸 Started ➡ 2021.08.09 Finished ➡️ 2021.09.12 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_