🌸"අනේ ඔම්මා මට බයයි"
👩"බය වෙන්නෙපා චුටි..ඔයා එක්සෑම් එකට හොදට ෆෙස් කරානේ.. දැන් ඔම්මාට පරක්කු වෙනවා බබා..ඔම්මා අද කාලින් එන්නම්.."
ඔම්මා මගෙ මුණත් ඉඹලා යන්න ගියා..
🌸"ඔම්මා චාල්ගාරා.."
ඔම්මාත් ගියාට පස්සෙ මගේ බය තවත් වැඩිවුනා..
"අනේ දෙයියනේ මට පිහිටවෙන්න..මං ගොඩක් මහන්සිවුනා.."
මට අද ෆෝන් එකෙ data on කරන්න හිතෙන්නෙත් නෑ.. උදේ නිවුස්වලට කිව්වා අද දවස ඇතුලත ප්‍රතිඵල එවනවා කියලා..
"තාම උදේ 9 යි.."
මං මේ ඉන්නෙ අද දවස ගෙවාගන්න බැරුව..මට බයයි..මගේ පේපස් කවුරු බැලුවාද..,හරියට බලලාද..,මොනවා වේලා ඇද්ද..,මගේ ඔලුව නිකන් පිස්සන් කොටුවක් වගෙ..මං අද උදේට කෑවේත් නෑ..කන්න බඩගින්නකුත් නෑ..
"මොන ගන්ධබ්බ ජිවිතයක්ද..මේ.."
ඇයි වි.කො.ඔයා අපෙන් මෙහෙම ආතල් ගන්නෙ ඔය මගුල එවන වේලාව හරියට කිව්වානම් මම ඒ වේලාවට ගානට බය ඇති කරගන්නවානේ..දැන් ඉතිං මුළු දවසෙම මම ඉන්නොන බයෙ ගැහි ගැහි..අපි පව් නැද්ද..
මම සාලේ එහාටයි මෙහටයි ඇවිද ඇවිද හිටියෙ නියපොතු කනගමන්..🐱"මොකද චුටි තමුසෙ අද උදේ ඉදන් පස්ස කැඩිච්ච කඩියා වගෙ නටන්නෙ.."
මම ගැස්සිලා ගියා මේ පුස් තඩියාගෙ සද්ද පුජාවට..
🌸"ඔප්පා මොකද අනේ මාව තවත් බය කරන්නෙ..ටිකක් හිමිට කතා කරන්න බැරිද.."
මම දැක්කෙත් නෑ ශුගා ඔප්පා මම ඇවිද ඇවිද ඉන්න අතරෙ මගේ කන ළගට එනකන්..
🦄"අද හ්‍යුංන්.. අපේ චුටිගෙ රිසාල්ට් එන්නවා එකයි මේ.."
හොබි ඔප්පා මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව බදාගෙන කිව්වා..
🌸"හොබි ඔප්පා මට බයයි"
🦄"Don't worry my little sis.. "
එයා මාව පිටිපස්සෙන් බදාගෙන දෙපැත්තට පැද්දෙනවා..එත් එක්කම චුටි ඔප්පා කලබලෙන් වගෙ පහලට දුවං ආවා..
🐰"ඒ චුටි අන්න රිසාල්ට් අප්ලෝඩ් කරලා.."
ඒ ඇහුන දේට.. මට දැනුනෙ චින මහා ප්‍රකාරෙ මගෙ ඔලුව වටේ කැරකෙනවා වගෙ..
YOU ARE READING
Forever🌸 (Completed ✔️)
Fanfictionඔප්පලා හත් දෙනෙක්ගේ ආදරේ මැද හැදුනු සුරංගනවිය මාකිගේ කතාවයි 🌸 Started ➡ 2021.08.09 Finished ➡️ 2021.09.12 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_