පබරූ ස්නානය අවසානයේ නැවත කුටියට පැමිණ රාත්රිය සදහා සූදානම් විය.
සුවද පැනින් ස්නානය කර සුවද තෙල් ගැල්වූ ඔහුගේ සිරුරෙන් සුගන්දවත් පිච්ච මල් සුගධ හමා ගියේය.
සුදු පැහැ සේද දුහුල් සලුවක් ඉගටියෙන් පහලට කඩා වැටෙන සේ ලිහිල්ව ගැට ගසා ගත් ඔහු උර මතින්ද ලෝහිත පැහැ දුහුල් සලුවක් පැළදිය.
කෙහෙවැටිය හිස් මුදුනට කර රන් පැහැ පටියකින් බැද දැමීය. ඒ පටියට හසු නොවූ අකීකරු කෙහෙරැළි නළල් තලය මතද හිස දෙපසද දඟ කළේය.
ඔහුගේ රෝස පැහැ මුහුණේ පුයර ආලේප කළ පසු නිල් පැහැයට හුරු කළු දෑස් වටා අඳුන් තැවරීය.
පිරුණු දෙතොලෙහි රත් පැහැ තොල් සායම් ආලෙපයෙන් පසු රිදියෙන් තැනූ කර්ණාභරණයන්ද දෙකනෙහි පැළදි ඔහුට අංගසම්පූර්ණ සරාගී රුවක් හිමිව තිබිණ .
ඔහුට තවත් ඉතිරිව ඇත්තේ කුටිය සූදානම් කිරීම පමණි.
ස්වේත වර්ණ ඇද ඇතිරිලි වලින් යහන සැරසීය.කුටියෙ තැන් තැන්හි රත් පැහැ ඉටිපන්දම් දැල්වා සුවද ධූමයෙන් කුටිය සුගන්දවත් කළ ඔහුට සෑහීමකට පත් බැල්මකින් කුටිය පුරා නෙත් යැවීය.
නිහඩ කුටියේ කවුළුවක් අතරින් පූර්ණ චන්ද්රයා දෙස නෙත් යොමා උන් පබරූ මද වේලාවකින් කුටියේ ද්වාරයට තට්ටු කරන හඩින් තිගැස්සී ගියේය.
කළකිරුනු දිවියේ තෘප්තිමත් බව විදහමින් රංගනයේ යෙදීමට කාලය බව ඔහුට වැටහිණ .සරාගී සිනහවක් මුවට ආරූඪ කරගත් ඔහු ඒ දෙසට පා තබා ද්වාරය විවර කරලීය.
.
.
.
.
.
.
හායි හායි
කොටයි කොටයි කියන්න එපා අෆ්ෆා .. කොටට තමා මන් මේ ලියන්නෙ ...
එක චැප්ටර් එකේ කතාවනේ මේ මන් අදින්නෙ... හී... හී..කමෙන්ට් දාන්නෑ කවුරුත් ... කියවන්නෙත් නෑ ... ඉටිම් මට එපා වෙනෝ ලියන්න .
මේක හොද නැද්ද ..
මන් දාපු කතාවලින් අඩුවෙන්ම කියවපු එක . වෙනදට දාලා දවසක් වෙද්දි වීව්ස් සීයක් වත් එනෝ...
හරී නරකයි.මන් යනෝ ...
Angel.

BẠN ĐANG ĐỌC
වෙණ නද [ Historical ] °CoMpLeTeD°
Tiểu thuyết Lịch sửහැඩට රුව දිළෙන ලෙස පබරූ වෙණ නදට තබන අඩි නොමේරූ වන් ශුංගාර වැස්සක් මහද මත් කල සොදුරූ ඉඩදෙන්න විදින්නට , තෙමෙන්නට මොහොතක්... cover by JINius_MooN