3 කොටස

427 113 81
                                    

ඔහු කුටිය පිරිසිදු කිරීම අවසන් කරනා විට මධ්‍යහ්න උදා වී තිබිණ .
නැවත තම සයනය මත අසුන්ගත් ඔහුට තම කුටියේ ද්වාරය දෙසින් සුවර්ණ හඩ නගනු සවන් වැකිණ .

" පැමිණෙන්න..."
ඔහු පැවසීය.

ඔහුගේ කුටියේ  ද්වාරය විවර කරමින් පැමිණි  තරමක් මැදි වියක සිටි කඩවසම් පුරුෂයා මේ වෛශ්‍ය අංගනයේ හිමිකරු ' සුවර්ණ ' ය.

" ඔබට අද වාසනාවක් උදාවි ඇති හැඩයි  පබරූ...."
ඔහු රැගෙන ආ දිවා අහර බදුන පසෙකින් තබමින් පැවසීය.

සැබවින්ම පබරූ කුසගින්නේ විය.මන්ද ඔහුට කුවීර නගරයේ මෙතරම් ආකර්ෂණයක් හිමි කර දුන් අලංකෘත සිරුර රැක ගැනීමට දිනකට එක් වරක් පමණක් අහරක් ලබා දුන් නිසාවෙනි .

" ඇයිද  ඔබතුමන් එසේ පවසන්නෙ ?..."
පබරූ කලබලෙන්ම සුවර්ණගෙන් විමසූයේ ඔහුව කුටියෙන් හැකි විගස පිටතට යැවීමට වූ සිතුවිල්ල නිසාවෙන් ..

" ම්ම්ම්ම්ම් මෙයයි අද  සමස්ථ  දිනයටම ඔබව මිලදී ගත්තේ කවුරුන්දැයි ඔබ දැනුවත් නොවෙද ?..."
සුවර්ණ යහන මත පබරූ අසළින්ම අසුන් ගෙන  ඔහුගේ ග්‍රීවය මත තම රළු දෙතොල් තබමින් ප්‍රතිපැනයක් නැගීය.

" නොවේ .... මා නොදැනුවත්‍ ... මා සමස්ථ දිනයටම මිලදී ගත්තාද ඔහු...?"
පබරූ විස්මයට පත්ව විමසීය.

"හ්ම්ම් එසේයි... ඔහු 'සුනර්ඝ කුමරුන් '...ඔහු ගැන අසා තිබේනේ..."

සුවර්ණ නැවතත් පබරූගේ අඩක්  නග්න වස්ත්‍ර අතරින් පෙනෙනා කලවා මත දෑත ගෙනයමින්  ගෙල මත තද සිපුමක් තබා විමසීය.

" එතුමන් සුහර්ෂ මහාමාත්‍ය තුමාගේ පුතුණුවන් නොවෙද..."
පබරූ පෙරටත් වඩා විස්මයකින් විමසීය.
මහාමාත්‍ය තුමාගේ  පුත්‍රයා සමරිසිදැයි ඔහුට තවමත් විශ්වාසයක් නොමැතිය.

" එසේ තමා... හොදින් මතක තබා ගනුව මෙය , ඔහුව උපරිමයෙන් තුටු කිරීම ඔබේ වගකීමක් ... ඔබට හැකිනේ... එවිට ඔහු නැවත නැවත වුවද මෙහි පැමිණේවි.
මා හට දිනයේම එක් කරගන්නා කාසි මෙන් දෙගුණයක් රැස් කර ගත හැකී...නුඹටත් මෙලෙස දිවා කල  විවේකයක් ලබා ගත් හැකිනේ...  වැටහුණාද නුඹට ...?"
සුවර්ණ ඔහුගේ නිකට දෑගිලි වලින් තෙරපමින් උස් හඩින් විමසීය.

වේදනාවෙන් කදුළු පිරි දෑසෙන් පබරූ හිස සැලීය.

"මෙයද මතකයේ තබා ගනු ...
ඔබෙන් සුනර්ඝ කුමරුන් තුටු නොවූවොත් නුඹව අලෙවි කර දමනවා උමතු මහල්ලෙකුට ... "

පබරූගේ දෑසට තවත් වාරණ දැමිය නිහැකි අයුරින් කදුලු කැට ඒ රත් පැහැ කොපුල් ඔස්සෙ කඩා වැටිණ.

සුවර්ණ එසේ පවසා කුටියෙන් පුටව යාමට මත්තෙන් පබරූ නැවතත් හඩ නැගීය.

" සුනර්ඝ කුමරුන් මා හට දිවා කල විවේක ගන්නා ලෙස පැවසුවාද ?..."

" නුඹ උමතුවෙන්ද ... එතුමන්ට ඒතරම් උමතුවක් නොවේ ... ඔහු වෙනූන් භාවිතා කෙරූ , අපිරිසිදු  දෑ භාවිත කිරීමට අකමැති බවයි පැවසුවේ මාහට...
එනිසා කිසිවකුට අද දින ඔබව අලෙවි නොකරන ලෙස පැවසුවා..."

පබරූ හට තිබූ එකම බලාපොරොත්තුවද සුන්ව ගිය කල මේ තවත් එක් රදළ   පුත්‍රයෙක් බව සළකා  දෑතේම පිටි අත්ලෙන් කදුලු පිසිමින් රාත්‍රිය සදහා සූදානම් වීමට කුටියේ පසෙක තිබූ නාන තටාකය වෙත පිය මැන්නේය.

.

.

.

.

.

.

.

හායි හායි

වචන 200ක් ලියන්න ගිහින් දන්නැතුවම 390 ක් ලියවුනාමත් මරු..

කමක් නෑ ඉටිම්..

ඔය හොරෙන් හොරෙන් කියවන අය කමෙන්ටුවක් දැම්මනම් ගෙවෙනවද මන් අහන්නෙ ...

අර එනෝ කියන එක්කෙනා කෝම වෙයිද ?

සුවර්ණ හෙන පිස්සෙක් නේ ...

අනිකත් දාන්නම් තව සුට්ටකින්...

Angel.

වෙණ නද [ Historical ] °CoMpLeTeD°Donde viven las historias. Descúbrelo ahora