ඒ පොත් ටික උස්සන් ආපු කෙනා වෙන කවුරුත් නෙමේ මගේ පරම සතුරා කිම් ටේහ්යුන්.🤧
" ආ ටේ මොකද බන් පරක්කු වුණේ. අපි දැන් හුඟක් වෙලා පාඩම් කරන්න පටන් අරන්. "
" දන්නැද්ද ඉතින් පොඩ්ඩක් පරක්කු වුණා "
සෑ වාව්.. මෙයාට හිනා වෙන්නත් පුළුවන්ද. මන් කවදාවත් දැකලා තිබුන්නෑ ටේහ්යුන් හිනා වෙනවා. ඒත් එයා හිනාවෙනකොට හරි අහිංසක පෙනුමක් එනවා හරියට පොඩි ළමයෙක් හිනා වෙනවා වගේ. මන් හිතන්නෙ එයා දැක්කා මන් එයා දිහා බලන් ඉන්නවා. මන් ඉක්මනට වෙන පැත්තක් බලා ගත්තා. එයත් එයාගෙ හිනාව නතර කර ගත්තා. පුහ් අපිටත් හිනා වෙන්න පුළුවන් අහල ගම් හතක් හොලවන්න තරම් 😎
" ටේ එහෙනම් ඔයා මේ අචීත් එක්ක පාඩම් කරන්න. මන් සඳත් එක්ක පාඩම් කරන්නම්. 😊 "
" මන් මොකටද එයා එක්ක පාඩම් කරන්නෙ. මන් තනියම පාඩම් කරනවා."
එහෙම කියලා අර පරණ පුරුදු විදියටම මට ඔරවන්න ගත්තා.
" මටත් ඕන නෑ හූම් 😒 "
" යා යා බන් නවත්තගනින්කො ඕක. මේ ටේ ඔය අචීට පොඩ්ඩක් කියලා දෙන්න. ඇල්බට් අයින්ස්ටයින්ගෙ දුව වගේ හිටියට මොලේ මුකුත් නෑ 😂 "
" ඒකනම් ඇත්ත ජූන් ඔප්පා 😂 "
" ඒයි සඳ තමුසෙ මගෙ යාලුවද නැත්තම් ජූන් ඔප්පගෙ යාළුවද 😑 "
" හේ හේ මන් ඔය දෙන්නගෙම යාළුවා "
කොහොමින් කොහොම හරි බැරි මර ගාතෙ ටේහ්යුන් මට උගන්නන්න කැමති වුණා. යාාා මේ මනුස්සයා පොත් කාලා වතුර බීපු එකෙක්ද කොහෙද. ප්‍රොෆෙසටත් වඩා දන්නවනේ.
" ඒයි කොහෙද බලන් ඉන්නෙ. කියන දේ අහන් ඉන්නවා. "
" අහගෙන තමා ඉන්නෙ. "
" ඔව් ඔව් මට පේනවා. මොළේ කළඳක් නෑ. ඒ වුනාට කට නම් තියනවා මොකක්ද වගේ. "
" අනේ දෙවියනේ මන් ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. අනේ පීස් මගේ මොලේ තව පස් ගුණයකින් වැඩි කරලා දෙන්නකො. එහෙම කරොත් මන් සෝජු බොන එක නවත්තනවා. සත්තයි මේ ඇස් පල්ලා. "
" මේ ඒයි දෙවියන්ට උණත් කරන්න බැරි වැඩ කියන්න එපා. "
" ඇයි ඒ. "
YOU ARE READING
- කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)
Fanfictionතමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung Fanfiction Cover by Nini's cover shop Story by Estar_RM Start : 26 September 2021 End : 18 Novemb...