එකදු තරුවක්වත් නොමැති රාත්‍රී අහසේ පාළුව මකන්න අද හිටියෙ පූර්ණ චන්ද්‍රයා විතරයි. මුළු පරිසරයම තිබුණෙ ඝන අන්ධකාරෙන් වෙලා ගෙන. පූර්ණ චන්ද්‍රයාගේ එළිය අද ඒ අඳුර මකන්න අසමත් වෙලා වගේ.
" ආයිෂ් මගේ ඔළුව. "
ටේට සිහිය එද්දි එයා හිටියෙ මහ කැළෑවක් මැද්දෙ තිබුණු ගහකට ගැට ගැහිලා. ටේ බේරෙන්න කොච්චර දැඟලුවත් ටේව බැඳලා තිබ්බ ලණු පොටවල් වල ශක්තිමත්බව වැඩි නිසා ටේට ගැලවෙන්න බැරි වුණා. ඒකෙන් වුණ එකම දේ කලින් සටනෙදි වුණු තුවාල ආපහු අලුතින් ලණු පොටවල් වලට කැපිලා වේදනා දුන්නු එක විතරයි. ටේ වටපිට බලද්දි දැක්කෙ එයාට ටිකක් එහාට වෙන්න තව ගහක බැඳලා හිටිය අචීව. අචී හිටියෙ සිහිය නැතුව. ටේගෙ වගේම අචීගෙත් ඇඟ පුරාම තුවාල වෙලා. අචීව දැක්ක ගමන් ටේ තව ශක්තිය යොදලා ලණු ටික ලිහා ගන්න හැදුවත් ඒක අසාර්ථක වුණ නිසා ටේ එයාගෙ වුල්ෆ් ස්වරූපයට හැරෙන්න උත්සාහ කරා. ඒත් අද ටේට වුල්ෆ් කෙනෙක් විදියට හැරෙන්න බැරි වුණා.
" වුල්ෆ් ස්වරූපෙට යන්න බෑ නේද. "
ටේ එයාගෙ ඉස්සරහට අඳුර තුළින් ඇදෙන රූපය දිහා බැලුවෙ එයා කියපු දේ ඇහිලයි. ඒ හිටියෙ මින්සුක්. එයාගෙ පස්සෙන්ම ආවෙ මීෂා. ටේ වටපිට බලද්දි ටේගෙ ඇස් වලට තවත් කළු පාට ඇඳ ගත්තු මිනිස්සු ඉන්නවා කියලා පෙනුණා.
" තමුසෙට මොනවද ඕන ආාා. එයාට යන්න දෙනවා. මගෙ අචීට යන්න දෙනවා මිනිහෝ. තමුසෙට ඕන බලයනේ. ඉතින් එයාට යන්න ඇරලා මගේ බලය ගන්නවා. අචීගෙ බලයට වඩා මගේ බලය වැඩියි කියලා තමුසෙ දන්නවනේ."
" අනේ ටේ බබා. 😏😏 එහෙම කොහොමද එයාව ලේසියෙන් අරින්නෙ. හරිනම් මමයි ඔයාගෙ මේට් විදියට අද ඉන්න ඕන. ඒත් ඉතින් ඔයාව මාව නෙමෙයිනේ තෝරගත්තෙ. එහෙව් එකේ අචීට යන්න දීලා හරියනවද. "
මීෂා ටේ ළඟට ඇවිත් ටේගෙ නළලෙ ඉඳන් තොල් වලට එයාගේ ඇඟිල්ල ගෙන යන ගමන් කිව්වෙ ටේ දිහා කෑදර බැල්මකින් බලන ගමන්මයි.
" මින්සුක් මන් තමුසෙට එක පාරක් කිව්වනේ. එයාට යන්න දෙනවා. "
" ඕ මෙයාට තරහා ගිහිල්ලනේ....... "
YOU ARE READING
- කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)
Fanfictionතමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung Fanfiction Cover by Nini's cover shop Story by Estar_RM Start : 26 September 2021 End : 18 Novemb...