මම මේ ලෝකෙ ඉපදුනේ මොකටද කියලා හිතන කෙනෙක්. මේ ලෝකෙ මම ඉපදුනේ ඇයි? ඇයි අම්මේ මට උපත දුන්නෙ? ඇයි?
ඇයි දෙවියනේ ඔබතුමා මට මට මෙහෙම කලේ?
ඇයි?මම ඇයි මෙහෙම ඉපදුනේ??
මම කවුද බලනවාද?
නෑ... ඒ ගැන හොයන්න එපා. මම මේ ලෝකෙට වැඩක් නැති හැමෝටම විහිළුවක් උන කොල්ලෙක්.මම කිම් ටේහ්‍යුන්, අදට වයස 20යි.
ඔව්. කිම් ටේහ්‍යුන්. මගෙ අම්මා මට හුඟක් ආදරය කලා තමා. නැතිනම් එයාලා කියනවා වගෙ එයා මට අනුකම්පා කලා?
මම දන්නෑ. මොනවා උනත් මම මගෙ රත්තරං අම්මාට ආදරෙයි.
මාව කිසිම ඉස්කෝලෙකින් බාර ගන්න කැමති නෑ. ඒත් මගෙ අම්මා මට ඉගැන්නුවා. මට ලස්සනට පාට කරන්න පූළුවන්. මගෙ අම්මා කියනවා මම දක්ෂයි කියලා. ඒ වගේම මට සිංදු කියන්නත් පුලුවන්.
මගෙ අම්මා මාව පුංචි කාලෙ ම මේ ලෝකෙ තනිකරලා දාලා යන්නම ගියාඇයි අම්මේ මාව දාලා ගන්න ගියේ. ඔයාගෙ පුංචි ටේටේව අරගෙන යන්න තිබ්බා මගෙ රත්තරන් අම්මෙ.
එතකොට මගෙ තාත්තා?
එයා මම වගේ දරුවෙක් ඉපදුන එකට ලැජ්ජා උනා.
මම වගේ දරුවෙක්??
ඔව්. ඩවුන් සහලක්ෂණය තියන වැඩකට නැති කාලකණ්ණියෙක්.
එයා මගෙ අම්මා මැරුණාට පස්සෙ වෙන ගෑණු කෙනෙක්ව බැන්දා.මගෙ කුඩම්මා මට කිව්වා මම මන්ද බුද්ධිකයෙක්ලු. මම එහෙමද?
මගෙ අම්මා කිව්වා මමත් අනිත් ළමයි වගේමයි කියලා. මගෙ අම්මා මට කවදාවත් බොරු කියන්නෙ නෑ. මම ඒක දන්නවා.කුඩම්මා මට බොරු කියනවා. එහෙම නේද?
කියන්න. එයා මට බොරු නේද කියන්නෙ?කුඩම්මා ට පුතෙක් හිටියා. බෝගම් කියලා.
එයා මගෙ අයියා. මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.
මගෙම අයියා.ඒත් එයාට මම කොච්චර සෙල්ලං කරන්න කතා කරත්, කවදාවත් එයා එන්නෑ.
එයා මට මන්දබුද්ධික කොල්ලා කියනවා. ඇයි ඒ? මගෙ නම ටේහ්‍යුන්නෙ. අම්මාගෙ ටේටේ. ඇයි එයා මට වෙන නමක් දාලා තියෙන්නෙ? මම ඒකට කැමති නෑ.
මම මට වෛර කරනවා. මම ඉපදුන විදියට මම වෛර කරනවා.
එදා.....
නෑ මම ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ. එදා රෑ හොඳටම වහිනවා. මට තාම නිදි මත ආවෙ නැති නිසා මම බැල්කනියට වෙලා එලිය බලන් හිටියෙ හඳ මාමා එනකම්. එයා එන්නෙ නෑ වගේ අද. මට ගොඩක් දුක හිතුනා.
YOU ARE READING
This Is Me | V centric ✓
General Fictionඇයි මම, මම වෙන්න බය වෙන්නෙ? මේ ඉන්නෙ මම!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්නෙ? ලෝකෙ හැමෝම එක වගේ නෑ. සුදු පාට මල් අතර රෝස පාට මලටයි හැමෝගෙම ඇස් යොමු වෙන්නෙ. ඒ ඇයි? ඒක වෙනස් නිසා. ඉතින් මම වෙනස්!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්න ඕනෙ?? *This is a story about down syndro...