2. රෝස කටු🌹

183 39 42
                                    

හෙන්රි පාවුල් මේ වෙලාවේ රැදිලා හිටියෙ චැම්බර් මර්සිලියේ හෝටලයේ ඉහළම මහළක තිබූ සුඛෝපභෝගී කාමරයක. පැය ගනණක දිගු දුම්රිය ගමනකින් සහ තවත් වැඩ රාජකාරි කිහිපයකින් පස්සේ ඔහු හිටියෙ හොදටම මහන්සියෙන්. ඒ නිසා කාමරේට ඇතුළු උන ගමන්ම ඔහු තමන් ඇදගෙන හිටපු කළු පැහැ දිගු කබාය ගලවලා ඇද උඩට විසි කරලා අසල තිබුනු සෝපාවකට වැටුනා.

ටිකකින් මිස්ටර් හෙන්රි තමන්ගේ සාක්කුවේ තිබුනු සිගරැට් පෙට්ටිය අරං එයින් එකක් පත්තු කරලා දුම් වළල්ලක් පිට කරා. දුම් වළල්ල අතරින් ඔහුට ඈතින් පෙනුනෙ පැරීසියේ යෝධ යකඩ කුලුණ.

කාමරයේ ඉදිරිපස එක පැත්තක් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබුනු තනි වීදුරුවෙන් පේන ඒ කුළුන දෙස බලමින් ඔහු තවත් දුම් වළල්ලක් පිට කරා.

කවුද මේ හෙන්රි? මැදිවිය පසු කර තිබුනත් පෙනුමෙන් නම් ඔහු ඉතා හැදි දැඩි ශරිරයකින් හෙබි වටිනා කෝට් කබා වලින් සැරසීගත් පුද්ගලයෙක්. ඔහුගේ ගමන හැසිරීම පවා හුදෙක් සිත්තරෙකුට වඩා තේජස් ස්වභාවයක් ඉසිලුවා.

එහි පුදුමයක් නෑ. මන්ද මොහු ධන කුවේරයෙක්. සිත්තරෙක්. ඒ වගේම ඔහුට භාෂා කිහිපයක්ම කතා කරන්න පුළුවන්. ඔහු වැඩියෙන්ම ප්‍රිය කළ දෙයක් තිබුනා නම් ඒ වයින් සහ රූමත් කාන්තාවන්.

ඒ වගේම ඔහු තමයි එළඹෙන කලාකරුවන්ගෙ හමුවෙ ප්‍රධාන ආරාධිත අමුත්තා. ඒ නිසයි මොහු එයාගෙ පුතා උනු මොරිස් පාවුල්වත් සමග ලන්ඩනයේ ඉදන් පැරීසියට ඇවිත් තියෙන්නේ. හැබැයි පාවුල් මෙහෙට අමුත්තෙක් නම් නෙමේ. මොකද අපි මේ කතා කරන හෝටල් ජාලය පවා අයිති වෙලා තිබුනෙ මේ මිස්ටර් පාවුල්ට. ප්‍රංශයේ ඉහළම පෙළේ රදළයින් සමගත් ඔහුට බොහොම කිට්ටු සබදතා පැවතුනා. 

කොහොමහරි මේ අමුතු මනුස්සයා මෙවරත් ප්‍රංශයට ආව එකම හේතුව කලාකරුවන්ගෙන් හමුව පමණක්මද කියන එක ඉතින් දැනගෙන හිටියේ ඔහුම විතරයි.

මොකද කෙටියෙන්ම කියනවනම් මේ හැමදේකටම අමතරව ඔහු නියම තක්කඩියෙක්. ඔහුගේ කලාව සදහා වූ ඇල්ම හුදෙක් වංශවතුන් ආකර්ෂණය කරගැනීම සඳහා වූ එක් උපායක් පමණයි. ඔහු ව්‍යාපාරිකයන්ට විස්තර කළ සිනමාවන් හුදෙක් මනඃකල්පිතයන් වූවා. එහෙත් කවුරුත් ඔහුව සැක නොකළේ සන්සුන් ලීලාවෙන් හා සිත් ගැනීමට හැකි අයුරින් කතා කිරීමට, කරුණු දැක්වීමට ඔහු දක්ෂයෙක් වූ නිසා.

Green EyesWhere stories live. Discover now