නිමක් නැති වැස්ස ෆ්ලොරීඩා ව ට නම් අරුමයක් නොවේ.නිවර්තන කලාපීය දේශගුණයකට හිමිකම් කියන ෆ්ලෝරීඩා ව කෙටි ශීත කාලයකටත් උණුසුම් ගිම්හාන කාලයකටත් දිගු වැසි කාලයකටත් හිමිකම් කීවා. තෙත් කලාපීය ගස් වලට හිමිකම් කියපු ෆ්ලොරීඩාව අඳුරු සහ සීතයි. එහෙත් කවුළුවෙන් එළියෙ බලා සිටි එමා මිලෙර්ට නම් මේ සීතල ගානක්වත් වුනේ නැ.සමහර විට ඒ එයා වෙනත් කල්පනාවක හිටපු නිසා වෙන්නැති.
''එමා ඔය සිීතලෙ මොකද කරන්නෙ එන්න පහළට.''තාත්තගෙ කටහඬින් සිහිය එළවා ගත් එම් පහලට ගිහින් කැම මේසයෙන් ඉද ගත්තා.
''එම් ඔයා බඩු ටික කාමරයට අහුර ගත්ත ද.''
''ඔව් මං හිතන්නේ''
''ඔයා දන්නවනේ හෙට කොලේජ් යන්න තියෙනවා. ඒක නිසා ටිකක් වේලාසනින් නැගිටින්න.''
පාන් කෑලි දෙක තුනක් කට ඔබා ගතත ම එම් උඩ මහලට ගියේ හෙට කොලේජ් යාම සදහා බඩු ලැස්ති කර ගන්න. කෙල්ල මෙච්චර කාලයක් සිටියේ අම්මයි එයාගෙ හුස්බුඳ් එක්ක එයාල එම්ට කිසිම වෙනස් කමක් නොකලත් එමාගෙ තාත්තා එම්ට එයත් එක්ක ඉන්න එන්න කියලා කරපු ඉල්ලීමත් එක්ක එම් ෆ්ලෝරීඩා එන්න තීරනය කලා. එම්ටත් ඕන උනේ මේ කලබලකාරී නිව් යොර්ක් වලින් මිදිල වෙනසක්.
එම් දැන් නැගිටලා ටික වෙලාවක් උනත් ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටියෙ සීලයි වැස්සයි නිසා.තවත් ටික වෙලාවක් එහෙමම ඉදපු කෙල්ල කොලේජ් යන්න ලැස්ති උනේ නැත්තම් ප්ලවෙනි දවසෙම පරක්කු වෙන නිසා.
''ඕ ඔයා නැගිට්ටද මම හිතුවෙ තාම නිදි ඇති කියලා.''
තරප්පු පෙල බැහැලා තාත්තට හිනාවකින් පිළිතුර දීපු කෙල්ල ඉක්මනින් කෑම මේසෙන් ඉදගත්තේ බඩට මොනවා හරි දාගන්න.
ඇත්තටම අම්ගෙ තත්තා මිස්ට මිලර්ට ලොකු සල්ලියක් තිබුන්නැ. ඒ උනාට එයට ගරාජ් එකක් තියෙනවා. ඉතින් ඒක එයාලට ඇති.එම්ගෙ අම්මයි තාත්තයි ඩිවෝස් උනට පස්සේ එම්ගෙ අම්මා වෙන කෙනෙක් එක්ක හිටියත් තාත්තා හැමදාම හිටියේ තනියම හරියට එයා තනිකමට කැමතියි වගේ අනේ මන්දා.මිස්ටර් මිලර් එයාගෙ ගැරේජ් එකේ වාහනයකින් එම්ව කොලේජ් එක ගාවට ගෙනත් බැස්සුවා. ඒක සාමාන්‍ය කොලේජ් එකක් සමරක් විට ඒ ෆ්ලොරිඩාවේ මේ පැත්තෙ එච්චර සෙනග හිටියෙ නැති හින්ද වෙන්න ඇති. එහෙමම ඔෆිස් එකට ගියපු කෙල්ල එයාගෙ කාල සටහන් අරගෙන ගියේ ඊළඟට එයාට තියෙන පංතියට.
YOU ARE READING
CATCH MY BREATH ||on hold||
Lobisomemthe mystery under the breath.......................(vampire story) ''කරදරයක් වෙන්න කලිනුයි මම මේ කියන්නේ..සමරක් විට අනතුර මේ ලගම වෙන්න පුලුවන්.''