"ජියොන් ජන්කුක්!! මොනවද මේ තමුන් කරලා තියෙන්නේ?" ජියොන් වූශික්, දකුණු කොරියාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වුණ ජේ.කේ. ගෘප්ස් හි අයිතිකාරයා ජියොන් මැදුර දෙවනත් වෙන්න කෑගැහුවේ තමන්ගේ ඉස්සරහා ලොලිපොප් එකක් කටේ ගහගෙන උඩ බිම බලන සෙල්ලක්කාර තරුණයාට. ඒ වෙන කවුරුත් නෙවෙයි. ජේ.කේ.ගෘප්ස් හි අනාගතය. ජියොන් ජන්කුක්.
"ඔය දරුවට කෑගැහුවා කියලා දැන් වැඩක් නෑනේ. අපිට මේකට මුකුත් කරන්න බැරිද?" ඒ ජන්කුක්ගේ මව, ජියොන් සූහා.
"ඔව් ඉතින්. දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරනේ. ඔක්කොම ෆොටෝස් මීඩියා වලට ගිහින් ඉවරයි. පුතණ්ඩියාගේ කෙරුවාව දැන් මුලු ලෝකෙම දැකලා ඉවරයි. තව ඉතින් මොනවා කියලා කරන්නද!" වූශික් ෆෝන් එක දිහා බලාගෙනම ඇහුවා.
"එහෙම කියලා බෑනේ වූශික්. මේක අපේ පුතාගේ අනාගතේට කලු පැල්ලමක්. අනික ඔය වගේ දේවල් මේ වයසෙදි කරන්නේ නැතුව කවදා කරන්නද." සූහා තම පුතාගේ පැත්ත අරගෙන කතා කරන්න ගත්තා.
සූහාගේ කතාවට එකගෙ වෙන්න වගේ ජන්කුක් ඔලුව වැනුවේ මේ ඔක්කොටම වගකියන්න ඕන තමන් නෙවෙයි වෙන කවුරුහරි වගේ.
"ඔව් ඉතින්. අම්මත් තාම හුරතල් කරනවනේ මේ අලි බබාව. ක්ලබ් ගානේ ගිහින් රටේම ඉන්න ගෑණු පිරිමි එක්ක රටේ නැති නැටුම් නටලා ඔක්කොම නැටුම් ටික සාක්ශි එක්කා මීඩියා වලට ලීක් වුණාම ාම්මාටයි පුතාටයි නෙවෙයිනේ පාඩුව. මම එපැයි මේකා කරගහන ඔක්කොම කුණු ගොඩවල් සුද්ද කරන්න ඕන මෙතන!" වූශික් ෆෝන් එක කේන්තියෙන් ටේබල් එක උඩට අතාරින ගමන් කිව්වේ නළලත් අතගාන ගමන්.
"ඇත්තටම අපිට මේකට කරන්න දෙය ඇත්තෙම නැද්ද වූශික්?" සූහා ප්රශ්න කරේ මේ ප්රශ්න නිසා තමන්ගේ පුතාට වගේම කම්පැනි එකටත් පාඩු වෙන බව දන්න නිසයි.
දිග නිහැඩියාවකට පස්සේ වූශික් තම හඩ අවදි කරා.
"අපිට එක දෙයක් කරන්න පුලුවන්!"
වූශික්ගේ කටහඩ නිසා මෙච්චර වෙලා ෆෝන් එකෙන් ගේම් එකක් ගහ ගහ හිටපු ජන්කුක් ඇහි බැමක් උස්සලා බැලුවේ අප්පා ඊලගට කියන්න යන්නේ මොකද්ද කියලා.
"ඒ මොකද්ද වූශික්?" සූහා නොයිවසිල්ලෙන් ප්රශ්න කරා.
"ජන්කුක්ගේ මැරේජ් එක කරන්න වෙනවා!!"
"මොකද්ද කිව්වේ?" ජන්කුක් ෆෝන් එක ටේබල් එකට අතාරින ගමන් කලබලෙන් ඇහුවා.
"මොකද්ද වූශික් මේ කියන්නේ?"
"ඇහිච්ච දේ තමයි කිව්වේ. ඒක ඇරෙන්න වෙන විසදුමක් නෑ මේ වෙලාවේ. මේ ප්රශ්නේ අමතක වෙන්න තව අලුත් නිවුස් එකක් දෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක්නම් මට මතක් වෙන්නේ නෑ. වෙන අදහසක් තියෙද?" වූශික් ඇහුවේ හොල්මනක් දැකලා වගේ බලාගෙන ඉන්න මවු- පුතු ඩබලගෙන්.
"ඒත් අප්-"
"කට වහනවා ජියොන් ජන්කුක්! තමුන්ට කිසිම අයිතියක් නෑ මේකට විරුද්ද වෙන්න. අපි කියලා නෙවෙයිනේ මෙහෙම ප්රශ්න දාගත්තේ. ඒ හින්දා කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා මම මේ වෙච්ච මෙස් එක හරිගස්සනකන්. ඒ වගේම සූහා ඔයත්. මෙච්චර කල් තාම පොඩීනේ කිය කිය මේකා කරන හැම දේකටම උල්පන්දන් දුන්නානේ. දැන් ඇතිනේ වෙලා තියෙන හරිය. ඒ හින්දා ඔයත් මේකෙන් අයින්වෙලා බලන් ඉන්න." වූශික් තරහෙන් කිව්වේ ජන්කුක් වගෙම සූහාටත් කට උත්තර නැති කරන ගමන්.
කොච්චර චණ්ඩියා වගේ හිටියත් අප්පාට තරහ ගිහින් ඉන්නකොට එයත් එක්ක එකට එක කියන එක අතිශය බයානක වැඩක් කියලා ජන්කුක් අත්දැකීමෙන්ම දන්නවා. මොකද වූශික් කියන්නේ ලේසියෙන් කේන්තිගන්නේ නැති කෙනෙක් කියලා එයා දන්න නිසා.
වෙන විසදුමක් නැති නිසා අප්පාට ඔන්න දෙයක් කරන එකයි ඇත්තේ කියලා කරබාගෙන තමන්ගේ රූම් එක පැත්තට ජන්කුක් ගියේ දැනටමත් නිවාස අඩස්සියේ ඉන්න නිසා ගෙයින් පිටට යන්න බැරි නිසා.
ජන්කුක් නොපෙනී යනවත් එක්කම සූහා ආයෙම හිමීට කටහඩ අවදි කලේ වූශික්ව තරහ නොගස්සන්න වගබලාගෙන.
"වූශික්! මේ හදිස්සියේ කොහොමද පුතාව කාටවත් බන්දලා දෙන්නේ?"
" ඒකට හරියනම කෙනා මම දන්නවා." වූශික් පොඩි හිනාවක් එක්ක කිව්වේ සූහාව පුදුම කරවන ගමන්. දැන් ටිකකට කලින් යක්ශාවේෂ වෙලා හිටපු මනුස්සයමද මේ දැන් හිනා වෙවී ඉන්නේ කියලා සූහා පුදුම වුණා.
"ඒ කවුද වූශික්?" සූහා කුතුහලෙන් ඇහුවා.
"ඒ තමයි .....!!"
YOU ARE READING
Contract | Jinkook || Sinhala
Fanfiction_¢໐๓plētē໓_ ~ I made changes but I didn't do it with you in mind.. But in the end you left me making me think so much about you.. Even now I'm afraid to say your commitment.. But I know you are not angry with my.. ~ ~A Jinkook story~ ~...