Contract

573 112 40
                                    


හිතපු විදියටම තව සතියකින් කෝටිපති ව්‍යාපාරික පුත් ජියොන් ජන්කුක්ගේ විවාහය සිද්ද වෙනවා කියන නිවුස් එක මීඩියා වලට ගියා විතරයි කලින් නිවුස් එකට වෙච්ච දෙයක්වත් හිතාගන්න බැරි වුණා.

හැමෝටම තිබුණ ලොකුම කුතුහලය වුණේ මේ තරම් ලොකු පවුලකට එකතු වෙන්න ලැබෙන ඒ වාසනාවන්තයා කවුද කියලා. ඒත් පවුලේ දේවල් ගැන කිසිම තොරතුරක් පිටට දෙන්න ජියොන් වූශික් කැමති නෑ කියලා ප්‍රකාශ කරලා තිබ්බ නිසා ඒ ගැන මීඩියා වලින් ප්‍රශ්න කිරීම නැවතුනත් කුතුහලය නම් පොඩ්ඩකින්ව අඩු වෙලා තිබුනේ නෑ.










"ඒත් අප්පා!!! මම කොහොමද එයාව මැරි කරන්නේ!!"ජන්කුක් අඩන්න ඔන්න මෙන්න වගේ ප්‍රශ්න කරේ එයාට මැරි කරන්න වෙලා තියෙන්නේ කවුද කියලා දැනගත්තාට පස්සේ.

"මට තේරෙන්නෙත් නැත්තේ ඇයි ඔයා ඒ වගේ කෙනෙක්ට අපේ එකම පුතාව බන්දලා දෙන්න හදන්නේ කියලා වූශික්!!" සූහාත් මුකුත් හිතාගන්න බැරුව ඇහුවේ වූශික්ගේ ඔලුවෙ වැඩ කරන ප්ලෑන් එක මොකද්ද කියලා දැනගන්න තිබ්බ ඕනකම නිසාමයි.

"මේක කන්ට්‍රෑක්ට් මැරේජ් එකක් සූහා. ජන්කුක්ට එයත් එක්ක එකට ඉන්න ඕන අවුරුද්දයි. ඊට පස්සේ එයාට කීයක් හරි දීලා එයාව ජන්කුක්ගේ ජීවිතෙන් අයින් කරලා දාන්න පුලුවන්. අනික මේ වෙලාවෙ මේක අපිට කම්පැනි එකට පාඩුවක් වෙන දෙන්නත් බෑ. මේ ප්‍රශ්න හින්දා මේ ටිකේම පාඩු සිද්ද වුණ නිසා වෙන කම්පැනි වලින් අපිට කන්ට්‍රෑක්ට්ස් , ප්‍රොජෙක්ට්ස් එන්නෙත් නෑ. ඒ හින්දා මේ වෙලාවේ කරන්න තියෙන වාසිදායකම දේ පාඩුවක් නොවෙන විදියට වැඩ කරන එක."  වූශික් පැහැදිලි කලා.

"අනික ජන්කුක්! ඔයාට අවුරුද්දයි එයත් එක්ක ඉන්න වෙන්නේ. ඊට පස්සේ කොහොමත් එයාව ඩිවෝර්ස් කරලා දාලා මම ඔයාට වෙන හොද තැනකින් මැරේජ් එකක් කරලා දෙනවා. ඒ හින්දා හොද ළමයා වගේ මේ ටික කාලේ ඉවසන්න." වූශික් ජන්කුක්ගේ අතකින් අල්ලගෙන කිව්වේ හරිම ආදරෙන්.

අප්පා කෙනෙක් මෙච්චර ආදරෙන් දෙයක් කියද්දි එකග නොවී කොහොමද ඉතින්.




සතියක් ගෙවිලා යන්න ගතවෙන්නේ ඇහිපිය ගහන තප්පරයයි කියලා ජන්කුක්ට දැනුනේ එයාගේ වෙඩින් එකට ගෙදරින් පිටවෙලා හොටෙල් එකට යනකොට.

මේ මැරේජ් එක ලෝකෙට පේන්න කරන මහා ලොකු වංචාවක් නේද කියලා ජන්කුක්ට හරියටම තේරුණේ වෙඩින් එකට යන අතරතුරේ. අඩුම තරමේ මැරි කරන කෙනාගේ මූණවත්  ඒ වෙද්දි ජන්කුක් දැකලා තිබ්බේ නෑ.

ඒත් ජන්කුක්ගේ ඇස් ඉස්සරහා හිටගෙන ඉන්න කෙනාව දැක්කම   ජන්කුක් මවපු හීන ලෝකේ එහෙම් පිටින්ම   හෙලවිලා ගියා.

ඔව්. ජන්කුක් හීන ලෝකයක් මැව්වා. එයාගේ  නමට හස්බන්ඩ්ට පුලුවන් තරම් වද දීලා එයාගෙන් පුලුවන් තරන් වැඩ අරගෙන අවුරුද්දක් ඉවර වෙනකොට හපලා ඉවර කරපු චුවින්ගම් එකක් වගේ එයාව ගෙදරින් එලියට විසික් කරලා දාන්න.

ඒත් එයා හිතපු දේවල් ඔක්කොම ඒ විදියටම කරන්න ඕනද කියලා එයාගේ හිතේම දෙගිඩියාවක් ඇති වුණේ තමන් මේ ලෝකේ දැකපු අහිංසකම ඇස් දෙකේ හිමිකාරයා හරිම අහිංසක විදියට තමන්ගේ  දිහා බලාගෙන ඉන්නකොට.

ඒ කලු පාට ඇස් දෙක ඇතුලේ අතරමං වෙන්න ජන්කුක්ට ගියේ අසුරුසැනක් විතරමයි.



නෑ!!!!! මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕන!!!

ජන්කුක් තමන්ගේ හිතටම තරවටු කරගත්තා.

මොකද මේ ජියොන් ජන්කුක් කියන්නේ කියපු දෙයක් තියා අඩුම තරමේ හිතපු දෙයක්වත් ආපස්සට ගන්න කෙනෙක් නෙවෙයි.

' ජියොන් සොක්ජින්!! ජස්ට් වේට් ඇන්ඩ් වොච්!! බලනවා මම තමුන්ට කරන දේ!! ' ජන්කුක් හිතුවේ තමන්ගේ සහකාරයාව මුලින්ම දැක්ක වෙලේ එයාට දැනුන අමුතු හැගීම සම්පූර්ණෙන්ම යටපත් කරලා දාලා.


Double updates since you are so sweet!!

Contract | Jinkook || SinhalaWhere stories live. Discover now