🌺අම්මේ!!!
👩🏻මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ. මම මේ කුස්සියේ.
🌺වූ... යේ... හුහූ... හුරේ... අම්මේ...
👩🏻මොකද කෙල්ලේ බෙරිහන් දෙන්නේ.
🌺මගේ සුදූ අම්මියෝ මේ... මේක බලන්නකෝ.
👩🏻කෝ මොකක්ද. මට ඕක කියවන්න දැන් කණ්ණාඩිය දාගන්න ඕනි. ඔයා කියන්න මට ඇහෙන්න.
🌺හරී ඔන්න එහෙනම් අහ ගන්න.
👩🏻හ්ම්.
🌺 අහ්ම්. අහ්ම්.
"KOREAN GOVERNMENT SCHOLARSHIP PROGRAM හෙවත් KGSP විභාගයෙන් ඔබ සමත් වී ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔබව තේරී පත්වී තිබෙන්නේ SEOUL NATIONAL UNIVERSITY එකට බව ද සතුටින් දැනුම් දෙමු. ඔබට කොරියාවට පැමිණීමට දින යෙදී තිබෙන්නේ 2021.12.23වන දිනයට ය. ඔබගේ සියලුම ගමන් පහසුකම් අප විසින් සපයනු ලබන අතර අනෙකුත් සියලු විස්තර ඔබට Email පණිවිඩයකින් එවා ඇත."🌺වූහූ අම්මේ නියමයි නේද?
👩🏻අනේ මගේ පැටියෝ.
🌺 මොකද අම්මේ මේ අඩන්න වගේ. අනේ දැන් මට යන්න එපා කියලා නම් කියන්න එපා.
👩🏻නෑ. මගේ මැණික මට සතුටුයි ඔයා ගැන. ඔයා ඔයාගේ හීනෙට කොහොම හරි ගියානේ.
🌺හරි හරි අම්මේ යන්න තව සතියයි නේද තියෙන්නේ.
👩🏻ආආආආ. ඔව්. ඔයාට ගන්න ගොඩක් දේවල් තියෙනවා නේ.
🌺අනේ ඔව් අම්මේ. අපි හෙට යමු shopping කරන්න.
👩🏻හ්ම්.
🌺මං යනවා කාමරේට.
👩🏻කන්නේ නැද්ද ළමයෝ.
🌺බඩගින්න ගියා අම්මේ.
👩🏻අනේ මේ කෙල්ල එහෙ ගිහින් මොනා කර ගනියි ද මංදා.
කෙල්ල කාමරේට ගියා...
🌺 දෙවියනේ මට නම් මේක හීනයක් වගේ. මගේ ආදරේ බලන්න යන්න හම්බවෙනවා. ඕහ්. ආ. මට මං ගැන කියන්න අමතක උනා නේ.
මම රූහි. විජේසූරිය ආරච්චිලාගේ රූහි විජේසූරිය. මම ශ්රී ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්රික්කයේ තමා ජීවත් වෙන්නේ. මගේ වයස අවු.20. දැන් දැක්කනේ මට හම්බ වෙච්ච letter එක. මට කොරියා යන්න chance එකක් හම්බ වෙලා තියෙන්නේ. ඇත්තටම මට කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි වගේම දුකයි. මගේ අම්මාව දාලා යන්න වෙන එක ගැන. කමක් නෑ අම්මාව නැන්දලාගේ ගෙදර දානවා. නැන්දලා අම්මට ආදරෙයි නේ.
YOU ARE READING
🖤 Y 🖤 | Tea | On Hold |
Fanfiction🖤ඇයි ඔයා මාව දාලා ගියේ. 🖤මට සමාවෙන්න. 🖤සමාව හැමදේකටම හරි යනවද? 🖤මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයාට සමාව දෙන්න බැරි නම්, මට යන්න වෙනවා. 🖤ඇයි?