🖤 CHAPTER 9🖤

1 0 0
                                    

🌸හ්ආ. කාලය ගෙවිලා ගිය ඉක්මණ. මටනම් හිතාගන්නවත් බෑ. මෙච්චර කාලයක් මං මගේ හීන ලෝකෙට වෙලා හිටියා කියලා.

ඈත පේන නිසසල මුහුද දිහා බලාගෙන රූහි හිතුවේ හිතේ කියාගන්න බැරි නිදහසක් වගේම කියාගන්න බැරි සතුටකුත් එක්ක. රූහි දැන් කොරියාවට ඇවිල්ල තුන්වෙනි අවුරුද්දත් ඉවර වෙන්න හරිම ළඟයි. ඒත් මේ පුංචි කෙල්ලයි අපේ පුංචි කොල්ලයි ඒ දෙන්නගෙ හැඟීම් තාමත් ඒ පුංචි දඟකාර හිත් වල තියාගෙන ඉන්නවා.

🌸ඔහ්. මට අමතක උනා. ඔන්නි මං එනකම් බලන් ඉන්නවා. මං හොඳටම පරක්කුයි. දැන් ඉතින් බැනුම් අහන්න තමයි වෙන්නේ😅.

රූහි එහෙම තමාටම කියාගත්තා අවසානෙට පුංචි හිනාවකුත් එකතු කරන ගමන්.

🌸ටැක්සි!!!

රූහි බීච් එකේ තිබ්බ එයා ඉඳගෙන හිටපු පුංචි බංකුවෙන්  නැගිටලා දුවලා ගිහිල්ලා ඉක්මනටම ටැක්ස් එකක් හොයන්න පාරේ යන වාහන වලට අත දානවා.

🌸ඔහ් අජුශ්ශී මේ එඩ්රස් එකට යයි. ඉක්මනට.

කෙල්ල අතේ තිබුණ පුංචි කොළ කෑල්ල වාහනය රියැදුරාට දුන්නෙ ඉක්මනටම එයාට ගෙදර යන්න ලැබෙන්න කියලා හිතන ගමන් එක්කම එයාගෙ ආදරණීය අක්කගෙන් බැනුම් අහන්න එපා කියලා ප්‍රාර්ථනා කරද්දී.

විනාඩි විස්සකින් විතර පස්සෙ පුංචි රූහි රියදුරාට හිස නමා ආචාර කරලා එයාට අයිති මුදලක් දීලා ඉක්මනට මේ දුවන් යන්න මොකක් හින්දා කියලද ඔයාල හිතන්නේ.

අද රූහිට වැදගත් දවසක් වගේම ටිකක් තීරණාත්මක දවසක්. රූහිගේ අම්මා රූහිට යෝජනාවක් අරගෙන තමයි මේ ලංකාවේ ඉඳන් රූහිගේ හීන ලෝකෙට ඇවිල්ල තියෙන්නේ. හැබැයි ඒක මේ පුංචි රූහි නම් දන්නේ නෑ. එයා දන්නේ එයාගේ ආදරණීය අම්මා එයා බලලා යන්න ආවා කියලා.

🌸ඔන්නී මං ආවා.

කියාගෙනම රූහි දොරත් ඇරගෙන දුවගෙන ඇවිල්ලා ඔන්නි එක්ක කථා කර කර ඉඳපු එයාගේ අම්මවයි තාත්තවයි තදින් තුරුළු කරගත්ත. රූහිට අම්මා ළඟ ඉන්න සතුට වෙනකාටවත්ම නෙවෙයි රූහිගේ ඇස් දෙක දිහා බලන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🖤 Y 🖤 | Tea | On Hold |Where stories live. Discover now