ඔබට ආදරෙයි මං අහසක් තරම්
කෙටි කතාව
කාලය ගෙවිලා යද්දි අපි දෙන්නා අපි දෙන්නට තවත් ලංවුණා.දෙන්නටම දෙන්නව නැතිව ඉන්න බැරි තරම්...
" සුද්දෝ..."
" අයියේ"
" පාඩම් කලාද"
" ටිකක් කලා"
" ඇයි ටිකක්..."
" ක්ලාස්නෙ උදේ..."
" හා...ඒව හරියට බලන්න.වීඩියෝස් ගොඩ ගහගන්නෙපා මැණික.ගානට මැනේජ් කරගන්න.නැත්තන් බබාට පස්සෙ එපා වෙයි.ඒ නිසා වැඩ කරද්දි වැඩ වලට අංක එක දෙන්න ඕනි හරිද🤨🤨 මාවත් ඒ වෙලාවට අමතක කරන්න ඕනි"
" ඒම අමතක කරන්න බෑනෙ 😒"
" මං කිව්වෙ මනෝ ලෝකවල ඉන්නෙපා වැඩ කරද්දි 🤨"
" හා ඉතින් ඒම ඉන්නෑ"
" මැණික දන්නවද, ඔයා වෙන උන් වගේ නෙවේ.මං කියන දේවල් අහනවා.මං පාඩම් කරමු කියද්දි මටත් ඒකට බාදා කරන්නෙ නැතුව හා කියනවා.ඒ නිසාමයි මැණිකට මං මෙච්චර ආදරේ.අනික අපි හිතන්න ඕනි දැන් ගැන නෙවේ.අපෙ ෆියුචර් එක ගැන.ඒ නිසා අද ටිකක් නිදි මරාගෙන කට්ටක් කාල පාඩම් කලාට කමක් නෑ.මොකද ඒක අපෙ අනාගතේ වෙනුවෙන් කරන කැප කිරීමක්.අනික මං විතරක් නෙවේ මගෙ මැණිකත් මැණිකගෙ ගෝල්ස් ඇචීව් කරගන්න ඕනි.දෙන්නම දෙන්නගෙ හීන වලට යන්න ඕනි මේ අල්ල ගත්තු අතත් තදින් අල්ලගෙනම.හිතන්නකො දෙන්නම එකම කැම්පස් එකට යද්දි කොච්චර ශෝක් ද.අපිට දෙන්නා එක්ක ගොඩක් වෙලා ඉන්නත් කාලෙ හම්බෙනවා.ඒ නිසා මගෙ හොඳ මැණික වගේ මං කියන ඒව අහලා හොඳට පාඩම් කරන්න ඕනි හරිද..."
" හා අයියේ 🥺"
" දන්නැති ගණන් ඒම තියේනම් එවන්න.මං හදන හැටි කියලා දෙන්නම්.බයෝ ඒම කොල වල ලිය ලිය පාඩම් කරන්න.එතකොට පාඩම් හිටිනවා 🤨 මං මේ මගෙ අත්දැකීම් වලින් කියන්නෙ.බබත් ඒ වගේ කරලා එක්සෑම් එකට ෆේස් කරන්න ඕනි හොඳින්"
" හරි 🥺 මං ඒම කරන්නම්..."
" හොඳ මැණික මගෙ 😘"
හුරතල් උනාට එයා ගොඩක් සීරියස් කෙනෙක්.එයත් එයාගෙ ගමන යන ගමන් මාවත් කොහොමහරි ඇදගෙන යනවා ඒ ගමන.ඇත්තටම ඒක මට ලොකු හයියක්.ඒ වගේම ඒ තරම් ආදරයක් ලැබෙන්න මං කොයිතරම් වාසනාවන්තයි ද...?
YOU ARE READING
ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️(Completed ) Non F BL
Romanceනුඹේ මතකයන් රැඳුණු හුස්ම පොදකට පවා මා අසීමාන්තිකව ප්‍රේම කරමි...❤️ නුඹ නිසා උපදිමි, නුඹ නිසා මියදෙමි 🥀🥀🥀