❄️ පලමු දිගහැරුම ❄️

155 11 2
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ජින් ගුඅංෂාන්ගේ පා පහරින් රන් ප්‍රසාද කුළුණෙන් පහලට ඇද වැටුණේ කඩවසම් තරුණයෙකි. ඔහු නමින් ජින් ගුඅංයාඕය. ජින් ගුඅංෂාන්ගේ පුත්‍රයෙක් වුවත් ඔහුට ලැබිය යුතු නිසි තැන ලැබුනෙ නම් නැත. මන්ද ඔහුගේ මව වෛෂ්‍යාවක් ය. ඇය නමින් මෙන්ග් ෂී ය. ඇය ජින් ගුඅංෂාන්ගේ කාම ආශාවන් සංසිදුවා ගැනිමට යොදා ගත් තවත් එක් කාන්තාවක් පමණි. ඇයගෙ කුසේ සිටින්නෙ තමන්ගෙ දරුවෙක් බව දැන දැනත් ඔහු ඇයව වගෙම ඔහුගේ ලෙයින් මේ ලොවට පැමිණිමට සිටින දරුවාත් අමතක කලේ සිතක්  නැති කෙනෙක් ගානටය..

තමන්ගෙ මවගෙ මරණයෙන් පසු තමාගෙ පියා සොයා යෑමට ජින් ගුඅංයාඕ අවසානයෙදී තීරණය කලේය. එහෙත් ඔහුගේ දෛවය සිතන තරම් සුන්දර ලෙස ලියවී නොතිබුනේය.. තමන්ගෙ පියා තමාව පිළිගනි යන බලාපොරොත්තුවත් සමග ඔහු ලැන්ලින් ජින් වංශය වෙත ගියත් ඔහුට ලැබුණු පිළිගැනිම නම් එතරම් සුන්දර වුයේ නැත. තම පුත්‍රයාගෙ උපන්දිනය දවසේදි  , තම ස්වාමියාගෙ අවජාතක පුත්‍රයෙක් පැමිණිම පිළිබදව ජින් ගුඅංෂාන්ගේ බිරිද බොහො කෝප විය. සැබැවින්ම ජින් ගුඅංෂාන් මේ ලෝකයෙ බිය වන එකම පුද්ගලයා තම බිරිද පමණි. බිරිදගෙ කොපාවිෂ්ට ප්‍රකාශයන් හමුවේ ජින් ගුඅංෂාන් ක්ෂනිකව පා පාහරක් දි රන් ප්‍රසාද කුළුණෙ සිටි ජින් ගුඅංයාඕව එළවා දමන ලදි.

රන් ප්‍රසාද කුළුණ පාමුල වැටි සිටි ජින් ගුඅංයාඕ තම හිස ඔසවා බැලුවේ තමා දෙස බලා සිටින ජින් ගුඅංෂාන් සහ ඔහුගෙ අනෙක් පුත්‍රයා දෙසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රන් ප්‍රසාද කුළුණ පාමුල වැටි සිටි ජින් ගුඅංයාඕ තම හිස ඔසවා බැලුවේ තමා දෙස බලා සිටින ජින් ගුඅංෂාන් සහ ඔහුගෙ අනෙක් පුත්‍රයා දෙසයි. එකම ලොවක ඉරණම් දෙකක්. එක් පුත්‍රයෙක්ට ලැබිය යුතු සියලුම ගරු නම්බුනාම වගෙම සියලුම සැප සම්පත් නොඅඩුව ලැබෙද්දි , අනෙක් පුත්‍රයාට ලැබුනේ තම පියාගෙන් පා පහරක් පමණි. බිම වැටි තිබෙන තම හිස් වැසුම අතට ගත් ජින් ගුඅංයාඕ එයත් රැගෙන ලැන්ලින් ජින් වංශයෙන් නික්ම ගියෙ තමා ගැනම ඇති වු කළකීරීම නිසාය.

𝙏𝙝𝙚 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝘽𝙞𝙧𝙙 𝙎𝙞𝙜𝙝𝙞𝙣𝙜 𝙊𝙣 𝙎𝙣𝙤𝙬 Where stories live. Discover now