🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
ඇත්තෙන්ම නීඒ වංශය දිව්‍යලොකයකට සමාන විය. ජින් ගුඅංයාඕ හට ලැබිය යුතු සියලුම ගරු නම්බු නාමයන් ඔහුට එහිදි ලැබිණි.. නීඒ මින්ජු සැබැවින්ම ඔහුගේ සහොදරයෙක් බදු විය. ජින් ගුඅංයාඕ සතු දක්ෂතා ඔහු හොදින් හදුනා ගත් නිසා ඔහු ජින් ගුඅංයාඕව තමන්ගෙ සියලුම රාජකාරි කටයුතු සදහා සහභාගි කරගත්තේය. එසෙම තමන්ගෙ පෞද්ගලික දෙවල් පවා ජින් ගුඅංයාඕ සමග කතා කිරිමට ඔහු පුරුදුව සිටියේය.
දිනක් මින්ජු විසින් හදිස්සියෙම ජින් ගුඅංයාඕව ප්‍රධාන ශාලාව වෙත කැදවුයේය .ගුඅංයාඕ පැමිණෙන විට මින්ජු සිටියේ කල්පනාවක නිසා ඔහු ජින් ගුඅංයාඕව නොදුටුවේය .
" ප්‍රධානිතුමනි හදිස්සියෙම මට එන්න කිව්වේ..."
" ආ ඔබ ඇවිත් , මම දැක්කෙත් නැ. යාඕ මම ඔබට එන්න කිව්වේ පොඩි රාජකාරියක් භාර දෙන්න."
" ඒ මොකක්ද "
" ගුසු ලන් වංශයෙන් අපිට ආරධනයක් එවලා තියෙනවා අපෙ වංශයෙ ඉන්න තරුණ ධ්‍යානවේදින්ට එහි පැමිණෙන්න කියලා ඉගැනිම් කටයුතු වලට . ඔබට පුලුවන් නේද හුඅයිසාන් සමග එහි යන්න. ඔබට හෙටම ආපසු පැමිණෙන්න පුලුවන් .."
" ගුසු ලන් වංශය......" ජින් ගුඅංයාඕගෙ දෑස් පුදුමයෙන් විශාල විය. එසෙම ඔහුගේ හදවතට අමුතු හැගීමක් දැනෙන්නට පටන් ගත්තේය . එම හැගිම දුකක්ද , සතුටක්ද කියා තෙරුම් ගැනිමට අපහසුය. ජින් ගුඅංයාඕගේ මේ හැසිරිම පිළිබදව අමුත්තක් නීඒ මින්ජුට දැනුණු නිසා ඔහු නැවතත් ගුඅංයාඕගෙන් ප්‍රශ්න කළේය..
" ඔව් , ඔබ එහි යන්න අකමැතිද.."
" ආ නැ නැ ප්‍රධානිතුමනි .. මන් කැමති , මන් ගොඩක් කැමති . "
" හ්ම්ම් එහෙනම් ඔබ එහි රැගෙන යාමට අවශ්‍ය දෙවල් සුදානම් කරගන්න. "
ඒත් සමගම නීඒ මින්ජුට ආචාර කරමින් ගුඅංයාඕ ශාලාවෙන් පිටතට ගියේය.
පසුදින උදෑසනම නී හුඅයිසාන් සමග ගුසු ලන් වංශය බලා පිටත් වූ ඔවුන්ට හෝරා කිහිපයකින් ගුසු ලන් වංශය වෙත පැමිණිමට හැකි විය. ගුසු ලන් වංශය සැබැවින්ම සුන්දර ස්ථානයක් බව ගුඅංයාඕ හට වැටහිණි. එහි පරිසරය නිස්කලංකයි , එහි වාතය නැවුම් , වලාකුලු අසපුවේ ඇති සුන්දරත්වයට ජින් ගුඅංයාඕ වශි වුයේය . දින කිහිපයකට කලින් තමන්ට මුණගැසුනු ලන් ශිචෙන් එතරම් මෘදු කරුණාවන්ත කෙනෙක් වීම ගැන ගුඅංයාඕ පුදුම වුයේ නැත. මන්ද මෙවැනි පරිසරයක හැදි වැඩුන කෙනෙක් කලහකාරී වන්නෙ නම් එය පුදුමසහගත වනු ඇත.
YOU ARE READING
𝙏𝙝𝙚 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝘽𝙞𝙧𝙙 𝙎𝙞𝙜𝙝𝙞𝙣𝙜 𝙊𝙣 𝙎𝙣𝙤𝙬
Historical Fiction" තමාගෙ මේ අවසනාවන්ත දෛවයට වග කිව යුත්තෙ තමාගෙ පියාද , නැතිනම් මවද ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කරන්නට විය.. " ~ ජින් ගුඅංයාඕ ~ " හැමතිස්සෙම තමන්ගෙ හිස කෙළින් තියාගන්න උත්සහ කරන්න .ඔයා හිස පහත් කරන්න කරන්න ඔයාට වැද...