❄️ පස්වන දිගහැරුම ❄️

45 9 1
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

දින , සති , මාස ගෙවිලා ගියේ මුලු ධ්‍යාන ලෝකයම නොහිතපු ප්‍රශ්න වැලක පටලවමින්. වෙන් වංශයෙ පාලකයා වන වෙන් රුඔහාන් විසින් අනිත් වංශ යටත් කර ගැනිම සදහා යුධ වදින්නට විය. ගුසු ලන් , යුන්මෙන් වංශ සාර්ථක ලෙස යටත් කර ගැනිමට වෙන් වංශයට හැකි විය. එහෙත් කාලයක් අතුරුදහන්ව සිටි වෙයි වුෂියෑන්ගේ නැවත පැමිණීමත් සමග මේ තත්වයන් වෙනස් විය. ඔහු අදුරු ධ්‍යානවේදය හදාරා බලවත් වී සිටි නිසා වෙන් වංශය සමග සටන් කිරිම අනෙක් වංශ වලට පහසු විය. අවසානයේ කෙසෙ හෝ වෙන් රුඔහාන් පාරජය කිරිමට ඔවුන්ට හැකි විය. කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවු විදියට වෙන් රුඔහාන්ගේ මරණය සිදු වුයේ ජින් ගුඅංයාඕගේ අතින්ය. සියලුම දෙනා ජින් ගුඅංයාඕ හට ප්‍රශංසා කරද්දි නීඒ මින්ජු විසින් ඔහුට බැන වදින්නට පටන් ගත්තෙ ගුඅංයාඕ සිදු කල ඇතැම් ක්‍රියා ඔහු පිළි නොගත් නිසාය.

ජින් ගුඅංයාඕව නැවත වරක් තමන් ආදරය කල අය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.එහෙත් මෙවර ඔහු බලාපොරොත්තු නොවු දෙයක් සිදු විය. එනම් ඔහුගේ පියා නැවත වරක් ඔහුට ලැන්ලින් ජින් වංශය වෙත ආරාධනා කිරිමයි. කලින් වතාවට වඩා එය හාත්පසින්ම වෙනස් විය. සියලුම වංශ නායකයින් ඉදිරිපිට ජින් ගුඅංයාඕ තමන්ගෙ පුත්‍රයෙක් බව ගුඅංෂාන් විසින් පිළිගන්නා ලදි. තමන් දැන් සතුටු වෙන්නද අඩන්නද කියා ගුඅංයාඕ හට නොවැටහුනත් ඔහුගෙ අවුරුදු ගානක සිහිනය දැන් සෑබැ වි ඇත. ඔහු දැන් ගණිකාවකගෙ පුත්‍රයෙක් නොව , අවජාතකයෙක්ද නොව , ඔහු දැන් තනිවුන කෙනෙක් නොව ඔහුට දැන් පවුලක් සිටි.

ලැන්ලින් ජින් මැදුරේ සුවපහසු කුටියකට වී තමන්ගෙ අදුරු අතීතය ගැන කල්පනා කරමින් සිටි ගුඅංයාඕ එක්වරම තම අසුනෙන් නැගිට්ටේ ඔහුගේ පියා සමග කතා කිරිමට අවශ්‍ය වු නිසා. ගුඅංෂාන්ගේ කුටිය අසලට පැමිණි ඔහු තම පියාට කතා කරන්නට විය. නොහිතපු වෙලාවක ගුඅංයාඕගේ කටහඩ ඇසීම නිසා ගුඅංෂාන් කලබල වුවත් ඔහු ඒ බව නොපෙන්වා ගුඅංයාඕ හට කුටියට  ආරධනා කලේය. ගුඅංයාඕ කුටිය තුලට යන විට ගුඅංෂාන් නින්දට යාමට සුදානම් වෙමින් සිටියේය..

𝙏𝙝𝙚 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝘽𝙞𝙧𝙙 𝙎𝙞𝙜𝙝𝙞𝙣𝙜 𝙊𝙣 𝙎𝙣𝙤𝙬 Where stories live. Discover now