5

673 136 65
                                    

"තෑන්ක්ස්..."

මම උදේ ඉස්කෝලේ ගිහින් ජෙනීව හම්බවෙලා කිව්වා.

"ඒ මොකටද?"

"ඊයේ ඔයා අර මට‍ එවලා තිබ්බේ..."

"අහ්..."

"ඇත්තටම එච්චර ගොඩක් තියාගන්න ඉඩත් නෑ අපේ ගෙදර ෆ්‍රිජ් එකේ." මම හිනා වෙවී කිව්වා.

"ඒනම් මම අරන් දෙන්නද?"

"හහහා.... හරි ෂෝයි විහිළුව."

මාරයි. ජෙනී විහිළු කරන්නත් දන්නවා. මෙච්චර කාලෙකට මට‍ ලොකුම විහිළුව වෙලා තිබුනේ හැබැයි ජෙනීට විහිළු කරන්න පුළුවන් කියන එක.

මම හිනා වෙවී දිගටම ඇවිද්දා. ඒත් ජෙනී මගේ එහා පැත්තේ නෑ කියලා තේරුණාම මන් නැවතුණා. මම පිටිපස්ස හැරෙනකොටම ජෙනී මගෙ ඉස්සරහින් ඇවිල්ලා හිටගත්තේ අපි අතරේ පරතරේ සෙන්ටි මීටර කිහිපයකට විතරක් සිමා කරලා. කොටින්ම කිව්වොත් මට‍ එයාගේ හුස්ම පවා මගෙ මූණේ වදිනවා දැනුනා.

මම අඩියක් පස්සට ගන්න හදද්දිම ජෙනී මගේ අතින් අල්ලගත්තා.

"මම විහිළුවක් නෙමෙයි කලේ.. ඔයාට ඕනේ නම් මම මුළු චොකලට් ෆැක්ට්‍රි එකක්ම අරන් දෙන්නම්."

මම ටික වෙලාවක් අන්ද බූත වෙලා බලන් හිටියත් ඊලග තප්පරේ මගේ හිනාව බකස් ගාල එලියට පැන්නා.

"හාහා... හරි ෂෝයි විහිළුව ජෙනී... වාව් මන් දැනන් හිටියේ නෑනේ ඔයාට මෙච්චර හොදට විහිළු කරන්න පුළුවන් කියලා. හහහා..."

මම බඩත් අල්ලන් හිනා වෙද්දී ජෙනී මගෙ අතත් ගසලා දාල මට‍ ඔරවල යන්න ගියා..

"ඒයි... ඒයි... කොහෙද යන්නේ? හරි හරි මන් හිනා වෙන්නෙ නෑ. ඔයා ඒක කිව්වේ ඇත්තටමයි කියලා මන් හිතාගන්නම්කො... ආ... කෝ ඉතිං නවතින්නකෝ...."

•  •  •

මුළු වෙලාවම ජෙනී මාත් එක්ක කතා කලේ නෑ. මටත් ඉතිං එච්චර ගානක් නෑ. ඒත් ඉතිං එයා මම එයාගේ විහිළුවට හිනා උන එකට තරහ ගන්න ඕනෙද. එයා විහිළුව කලා,මන් හිනා උනා.

"ඔයා හිතන්නේ නැද්ද එයා විහිළුවක් නෙමෙයි කලේ කියලා.... මන් කියන්නේ ඔයා ඒකට හිනා උනාම එයාට තරහ ගියා කියන්නේ ඒක විහිළුවක් වෙන්න බෑනේ."

Crazy Over You ||COMPLETED GL||Where stories live. Discover now