"මන් තමුසෙට ආදරෙයි මොඩියේ."
මන් ආත්ම ගානක් තිස්සේ.. ආ නෑ අවුරුදු ගානක් තිස්සේ අහන්න පෙරුම් පුරපු වාක්‍ය ඒ විදිහට එයාගේ කටින් අහද්දී මට උඩ පැන පැන කෑ ගහන්න තරම් සතුටක් දැනුනේ. මම දූවල ගිහින් එයාව බදාගන්න හදනකොටම....
.
.
.
.
.
ට්‍රීං ට්‍රීං ට්‍රීං.......හෑහ්.....
එලාම් එකේ සද්දෙට ගැස්සුණු පාර ඇඳෙන් බිමට පතබරියන් වෙලා තමයි නැවතුනේ...
හම්මේ කොන්ද....
මම කොන්දත් අත ගගා නැගිට්ටා...
හීනෙන්වත් කොල්ලෙක් සෙට් වෙන්නෙ නැති හැටි. මේ කුරිරු ලෝකය හරිම අසාධාරණයි...
අහ් මං කවුද කියලද ඇහුවේ?
මම තමයි ලලීසා. යාළුවෝ ලේසියට කියන්නේ ලීසා කියලා. වාසගම නම් අහන්න එපා මටවත් කියවගන්න බැරි අපබ්බ්‍රන්සයක් ඒක. කවුරුත් ඒක දන්නෙත් නෑ. මන් ඒක පාවිච්චි කරන්නෙත් නෑ.
මම තායි කෙල්ලෙක්. ඒකයි මගෙ වාසගම වෙනස්. පොඩි කාලෙම අපි කොරියාවට මාරු වුණ හින්ද වැඩිපුරම හුරු කොරියන්. කොරියාවට ආවත් මව් බාසාව අමතක කරන්න එපා කියලා අම්මා තායි ඉගැනුවා. ඒ පිහිටෙන් තායි කතා කරන්නත් පුළුවන්.
මගෙ පෙනුම ගැන කියනවා නම්, මම ලස්සනයි. ඒත් කාටවත් ඒක පේන්නේ නෑ. ඇයි ද මන්දා.
.
.
.
.
ඉක්මනට වොශ් එකක් දාගෙන යුනිෆෝම් ඒකත් ඇදගෙන මම ඉස්කෝලෙට දිව්වා. ආ ඔයාලට කියන්න බැරි උනානේ. මට වයස 17යි. ඒ කිව්වේ තාම හයිස්කුල්.ඉස්කෝලේ ළගට යනකොට රෝස්, මගේ හොදම යාළුවා ඉස්සි ඉස්සි මොනාද බලනවා.
YOU ARE READING
Crazy Over You ||COMPLETED GL||
Fanficමන් එයාට ආස නෑ... හැමෝම කියන්නේ එයා මට වඩා ලස්සනයි කියලා... අනික හෙන ලොකුකම.... හැබැයි.... එයා නරකමත් නෑ....