01.

922 133 84
                                    

සදුන් දූපය කුටිය පුරා සිසාරා පැතිරුණේ එහි වූ සියල්ලෝම මදකට මන්මත් කරමිනි. ඒ සියල්ලන් වනාහි දිනක නෆාර් හී රාජාසුන හොබවන්නා වූ ශමීර් කුමරුවන් ගේ පුද්ගලික සේවිකාවන් වූහ.එ සමයෙහි නෆාර් යනු ප්‍රතිකාලුන් සහ යාබද රාජධානීගෙන් ආක්‍රමණ පහස ලබන්නා වූ මුසල්මානුවන් වෙසෙනා විශාල ශිෂ්ටාචා‍රයක් විය..

" සැරදේවා කුමරුනි " 

කුමරුවන්හට ආචාර කල දාසියන් එයින් පිටතට දෙපා එසවුවෝය. මන්ද යත් කුමරුන්ගේ සම්ප්‍රාප්තියෙන් පසු කුටියෙහි කිසිවෙකු නොහිදීම එකල්හි එහි නීතියක් ව පැවතුණි.

මිටෙන් ලූ පක්ශියෙකු ලෙසින් රක්ත ව‍ර්ණයෙන් ලෙලදනා විශාල ගිනි සිළුව ආගන්තුකයාගේ ජල පහර හමුවේ නිමා වුයේ ඔහුගේ ගාම්භීරත්වට දණ නමනා දුර්වලයෙකු ලෙසිනි.

නිවී ගිය උදුන දෙසට සමච්චල් සහගත ලෙස සිනහසුනු හේ ඉගෙහි වූ කිනිස්ස තම මුසල්මානු ජටාව තුල රුවා ගත්තේය.

කෙතරම් ඝන අදුරක් වුවද එක් සදුන් ප්‍රදීපයක ආලෝකයින් පමණක් හෙතෙම සැනහසුනේය.

ඉකිබිති ඔහු නීල පැහැ රන් හුයෙන් ඔප නැන්වුනු බරැති ජටාව  ඉවත් කොට දැමුවේ ලලනාවක් වන්  ඉතා සුනිමල් තම කේශ කලාපය විහිදුවා හරිමිනි.

ජටාවෙන් වසා තිබුණු මුව විවර කල ආගන්තුකයා තම දෑස් බැදි සේද සලුවද ඉවත් කෙරූයේ මුළු උවනම නිරාවරණය කරමිනි.

පුදුමයකට කරුණ වූයේ එම ආගන්තුකයන් වනාහි එක තරුණියක්  වීමයි. 

දුටුවන් නෙත් වශී කරවන සුළු සුන්දරත්වයකින් හෙබි ඈ හුදු එක් සුලලිත සුකමන්‍ය මධුර වාග් චාතූර්‍යයෙන් අනූන මුසල්මානු රද්කොල තරුණියක් නොවීය. 

ඈ නෆාර් හි රාජ කූඨ මණ්පයෙහි යුව රජු යැයි මිනිසුන් දැනුවත් නමුත් සත්‍ය වශයෙන්ම එක් නිර්භය අසම්භීත තරුණියක් විය. කොටින්ම ඇය නෆාර්හි සැවොම දන්නා කිරුළ හිමි කුමරු ශමීර් හෙවත් කිසිවෙකුත් නොදන්නා රජ කුමරියද ශමීරාද විය.

 මේඝයන් වන් විසිරී යන මුත් ඉදිරියෙන් මදක් කවාකාර ඇගේ වරලස නිතඹ තෙක් විදිහී තිබුයේ ශරීර දාහය නිමවන වැගිරෙනා සිහිලැල් මෙනි.

ලලනෝප [ 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 𝚐𝚕] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now