06.

258 69 16
                                    


හෝරාවන් දින බවටත් දින මාස බවටත් අවසානායේ වසරක්ව ගත වීමටත් ගත වූයේ සියොතොන් පිරිසක් ගගනෙහි පියාසර කොට නැවත කැදලි කරා ගමන් කිරීමට වූ කාලයක් පමණි. වසරක් යනු හුදෙක් දින තුන් සූසැටක් පමණක් නොවන බව නෆාර් ජනයා හට පසක් කරමින් බොහෝ දෙහි එහි සිදු විය.

නෆාර්හි නැවතත් කුසුමන් විකසිත නොවිණී. වස්සානය පහව ගොසින් ග්‍රීස්මය එහි රජ යන්නට විය.

" ශමීරා අසනු " සුපුරුදු පරිදිහිම නශියා ඈ වැලක්වීය. 

 කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දෙදෙනා එකිනෙකා අතර මිතු දමක්  හෝ එය ඔබ්බට  ශක්තිමත් බැදීමක් ගොඩ නගාගෙන තිබුණි.

" පවසනු මා අන් කුමක් කරනුද නශියා ? "  ශමීරා විමසුවේ සාමාන්‍ය අයරුනි.

 " නුඹ මෙලෙසින් රාත්‍රියෙහි සෑම විටම තමා අනතුරෙහි ලා ගැනීම කුමක් බවද පවසනුයේ ආ ?  " එවර නශියාගේ හඩ යහන් ගැබ සිසාරා පැතිරුනේ ශමීරා මදක් කෝපගන්වමිනි.

" නුඹට බිදකුදු හෝ වැටහුමක් නොවෙද නශියා ? මිනිසුන් කෙතරම් දුක් විදින්නෙහිද ? ඔවුන් රක්ශා කිරීම මා සතු වගකීමක් නොවෙද  ? " ඈද නශියාහට දෙවන නොවන ක්‍රෝධයකින් ගිගුලුවාය.

" වගකීම !! සෑම විටම එයම හිසෙහි අලලා ගෙන නොසිටිනු ශමීරා.. නුඹ අද දින පිටව ගියහොත් සිදුවන්නේ මහත් විනාශයක්..මා හට කිසි සේත් අවශ්‍ය නොවේ නුඹේ මල සිරුර දැක ගැනීමට "   නශියාර් දෑස් කැකෑරෙන රුහිරු බදුනක් වන් විය.

" කෙසේද !! කෙසේද ! නුඹ මාගේ මරණය තහවුරු කරනුයේ නශියාර් ? "   ශමීරා සේම නශියාද යනු පරාජය පිලිගනු අකමැති අය වූවන් බව මෙම දෙබස දිටි ඕනෑම අයෙකුට වැටහෙනවා නියතය. මන්ද ශමීරා දෑස්ද නශියාර් හට දෙවන නොවීය.

" අද දින සවන පසලොස්වකය.. පිටව නොවන්න මා සොමි.. නුඹෙන් අයදිනවා "  නශියාර් පරාජය පිලිගනිමින් තම හඩ මදක් පහත් කලාය.

" අසන්න නශී මා නැවත පැමිණෙනු ඇති. මා අපගේ ආලය නමින් සපථ කරනවා " ශමීරාද මදක් පසුබටව තම අදහස ප්‍රකාශ කලාය.

" මා හට නුඹ අවිශ්වාස නොවේ මා සොමි..නුඹේ දක්ශතාවයද අවිශ්වාස නොවේ..රණ ශූරත්වයද එසේමයි. නමුත් මෙවර නුඹ අතිශයෙන් ප්‍රවේශම් විය යුතුයි. "

ලලනෝප [ 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 𝚐𝚕] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now