03.

348 93 33
                                    


මයුර සදසක් වැනි අලංකෘත ඇගේ වස්ත්‍රන් දෙස  ශමීරා බලා සිටියාය.

කුඩා කල සිටම පුරුශයෙක් ලෙසින් සැදී වැඩුණු ඇය තරුණියක විදිනා නිදහස දැකීමෙන් සෑමවිටම කෝප ගන්නා වුවද ආගන්තුක ලිය සම්බන්ධයෙන් ඇගේ සිතම ඇයට ද්‍රෝහී විය.

රළු වස්ත්‍ර දරමින් අසිපත් හා ගත කල ඇගේ කුඩා කාලය අන් තරුණියන් හා සසදන කල්හි අධිකයෙන් වෙනස් කටෝර දිවියක් විය.

කිසි දිනක ඇගේ දෙමව්පියන් ඇයට ශමීරා යැයි අමතා නැත..සෑම විටම ශමීර් හෝ පුතුණුවනි යන්න ඇර අන් වදනක් ඔවුන් තුල නොවූවෝය.

 " එය එසේ නොවේ ශමීර් මෙසේ සිදුකරනු " අනෙක් ගැහැනු දරුවන් තම මිතුරියන් හා ක්‍රීඩාවෙහි යෙදෙන කල්හි ඇය ගුරුන් හා අසිපත් හරඹයෙහි යෙදි බව ඇයට සිහිපත් විය.

සුසුමක් හෙලූ ඇය නැවතත් එම තරුණියගේ සුන්දරත්වයෙහි ගිලීමට තීරණය කලාය.

අමුත්තියගේ සිරුර නම් දීර්ඝ සංචාරයෙහි ශමීරාගේ නැවතුම් පල වූයේ  ඇගේ දෑස්‍ ය.

දක්ශිණ උරයෙහි වූ සර්ප කැටයම ඇගේ සුන්දරත්වය ත්‍රිවු කලේය.එය කුමක් හෝ අවස්ථාවක තමාගේ දෙනෙතෙහි ලියවී ඇති මතකයක් බව ඇගේ සිත තරයේ පැවසුවද ඇය එය පිලිබද සිතීමට කාලය වැය නොකලාය.

හුනස්නෙන් නැගී සිටි ශමීරා ඇගේ අර්ධ නග්න සිරුර දෙස බැලුවාය.

 ' මෙතුවක් කාලයක් තමා සිට තිබනුයේ දුහුල් සලුවක් පමණක් ගත දවටාගෙනය. ' 

ඇය සිදුවූ සියල්ල මෙනෙහි කලාය. සැබවින්ම එය එසේමය. ඈ සටන් කලේද අර්ධ නග්න සිරුරෙනි.

එය සැබවින්ම මුසල්මානු සම්ප්‍රධාය අත්‍රික්‍රමණය කිරීමකි. මන්ද යත් සරණ මංගල්‍යයට පෙර මුසොල්මානු තරුණියන් තම සිරුර කිසි වෙකුට නොපෙන්විය යුතුයි..

ශමීරා රත් පැහැ ගැන්වුනි. ලජ්ජාවෙන් තම හිස සෙලවූ ඇය වහා දිව ගොස් ස්නාන කුටිය වෙත වැදුනාය.

හෝරාවක ඇවෑමෙන් එයින් පිටතට පැමිණි ඇය ආගන්තුකාවිය දෙස මොහොතක් බලා හිද සයනෙහි එක් කොනක හිදගත්තාය. කුමක් හෝ හේතුවක් මත ඇයව තමා අසලින් තබා ගැනීමට ඇයට ඇවසි වූවාය.

ලලනෝප [ 𝙷𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 𝚐𝚕] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now